මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා තෝරාගැනීම සඳහා එහි නිලවරණය පැවැති පසුගිය 08 වැනිදා ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර තමන්ට ඡන්දය ලබා ගැනීම වෙනුවෙන් ලක්ෂ පහක අල්ලස් මුදලක් ලබා දීමට තැත් කළ බව අවුකන රජමාහා විහාරාධිපති ශ්රාස්තවේලියේ ධම්මකිත්ති හිමියන් ඊයේ (13) මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබුනි.
එහිදී ධම්මකිත්ති හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මේ පිළිබඳව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයාට එම අවස්ථාවේදී විරෝධතා ගොණු කිරීමට කටයුතු කළත් ඒ පිළිබඳ කොමසාරිස්වරයා කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බවත් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සැලසුම් සහගතව මෙම නිලවරණය පැවැත්වීමට මැදිහත්වී ඇති බවයි. එසේම මෙම නිලවරණය ඉතා දූෂිත එකක් බවද උන්වහන්සේ එම මාධ්‍ය හමුවේදී අවධාරණය කර සිටියේය.
දළදා මාලිගයේ සියලු වත්කම්වල ගිහි භාරකාරත්වය දියවඩන නිලමේවරයාට නිත්යානණුකූලව හිමි වන අතර පසුගිය කාලයේ දළදා මාලියට අයත් ඉඩම් විකිණීම සම්බන්ධයෙන් ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර දියවඩන නිලමේවරයාට එරෙහිව බරපතල චෝදනා ගණනාවක් එල්ල වී තිබේ. එම චෝදනා ගැන යම් ප්‍රකාශයක් සටහන් කරගැනීමට මූල්‍ය අපරාධ කොට්ඨාශයට පුගියදා ඔහුව කැඳවා ප්‍රශ්න කර තිබුනි.මේවන විට දළදා මාලිගයේ දියවඩන නිලමේ තනතුර ආගමික වුවමනාවෙන් නොව එයට පත්වන පුද්ගලයන්ගේ වත්කම් තර කරගැණිමේ තනතුරක් බවට පතකරගෙන ඇති බවට දෝදනා නැගෙමින් තිබේ.
මෙම තත්වය හමුවේ ගැගෙන ප්රශ්නය වන්නේ මෙසේ තමන්ට ඡන්දය ලබා දෙන්නැයි තව කොපමණ දෙනෙකුට අල්ලස් මුදල් ලබාදී මෙවර දියවඩන නිළමේ තරගයෙන් ජය ගන්නට නිලංග දෑල කටයුතු කර ඇද්ද යන්න ගැනය. අදාල බලධාරීයා වන බෞද්ධ කටයුතු කොමසාරිස්ගේ ක්‍රියාකලාපයද විමර්ශයන කළ යුතු බවට චෝදනා එල්ලවී ඇත.
ප්‍රදීප් නිලංග දෑල සඳහා සන්ධානයද නෙරංජන් විජේරත්න සඳහා එ.ජා.ප.යද සහය දුන් නිසා නිලවරණය දේශපාලන බල පොරයක් වූ බවට මීට පෙර වාර්තා වූ අතර දැන් හෙළිවන තොරතුරුවලට අනුව අතිවිශාල ලෙස අල්ලස් ලබාදීම මත ඡන්දය ලබාගෙන තිබෙන බවට තොරතුරු වාර්තා වේ.