කුසල් ජනිත්ගේ තරග තහනම ඉවතට

kusalj121

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට එල්ලවී තිබූ තහනම් උත්තේජක චෝදනාවලින් ඔහුව නිදහස් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

කුසල් ජනිත් තහනම් උත්තේජක ලබාගත් බවට ප්‍රබල සාක්කි නොමැතිවීමෙන් ඔහුව එම චෝදනාවලින් නිදහස් කළ බව අයිසීසීය ඊයේ රාත්‍රියේ නිකුත් කළ නිවේදනයක දැක්වේ.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට කුසල් ජනිත්ට තරග සඳහා සහභාගීවීම තහනම් කිරීමට අයිසීසීය තරග තහනමක් පනවා තිබුනි. මේ හේතුවෙන් පසුගියදා  නිමාවූ 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගීවීමද ඔහුට අහිමි විය.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත සංචාරය අරඹා ඇති හෙයින් එම සංචාරයට කුසල් ජනිත්ව ඇතුලත් කරගන්නවාද යන්න සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරනු ඇත.

අද දින පැවැති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් කුසල් ජනිත් පවසා ඇත්තේ තමා මුහුණදුන් මේ ප්‍රශ්නයේදී තමාට උදව් කළ සෑමදෙනාටම ස්තූතිය පළකරන බවයි.

 

Leave a Reply