කිසිදු ආකාරයකින් මෙරට සහල් හිඟයක් ඇති වීමට ඉඩ නොදෙන බවත් දැනටමත් මෙරට ජනතාවගේ පරිභෝජනයට අවශ්‍ය සහල් සංචිත රැස්කර ඇති බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිෂාඩ් බදියුදීන් පවසයි.
ඇමති රිෂාඩ් වව්නියාව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව ජනමාධ්‍ය අමතා මෙම අදහස් පළ කළේය. කෙසේවෙතත් සති දෙකකට පෙර ඇමතිවරයා ප්‍රකාශ කළේ පාරිභෝගිකයාට සහල් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් සහල් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවයි. ඉදිරි කාලයේ සහල් හිගයක් අපේක්ෂාවෙන් ආසියානු රටවල් කිහිපයක් සමග සාකච්ඡා කර මුල් වටයේදී සහල් මෙට්‍ර්ක් ටොන් ලක්ෂ 3ක් ආනයනයට එකගතා ඇතිකරගෙන තිබෙන බවයි.