ආයුර්වේද ඖෂධ සංස්ථාවේ මතුව ඇති ගැටළු පිළිබද සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න විසින් විමර්ශන කමිටුවක් පත් කිරීමට පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ පාලනාංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කරන බී.ජී.එස්.ගුණතිලක නමැති නිලධාරිනියගේ සභාපතීත්වයෙන් යුතුව එම කමිටුව පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ පුවත් සඳහන් කරයි. එම කමිටුවේ සාමාජිකයින් ලෙස ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිළධාරීන්, සෞඛ්‍ය අමාත්‍යංශයේ නීති හා විමර්ශන නිළධාරීන් ඇතුළු පිරිසක් පත් කර ඇත.
හේතුවෙන් නාවින්නේ පිහිටි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව තුල පවතින ගැටලුකාරී තත්වයන් නිසා එහි සේවක විරෝධතා රාහියක් පැවති අතර සැප්තැම්බර් 14 වැනිදා පැවැති උද්ඝෝසනයක් නිසා සංස්තාව වසා දැමිණි. මතුව ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන ලෙස පත් කරන ලද විමර්ශන කමිටුවට අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබේ.