ආණ්ඩුව විසින් ගෙන ආ ‘අතුරුදන්වූ තැනැත්තන් පිළිබද කාර්යාල පනත‘ පිළිබද පෙරටුගාමී සමාජවාදී පක්ෂය දරණ අදහස ප්‍රකාශ කරමින් “අතුරුදන් කෙරුණු අයගේ ප්රශ්නය සහ ජාතිවාදී උගුලෙන් ගැලවීම“ නමින් පොත් පිංචක් ඊයේ(16) විවිධ දේශපාලන පක්ෂ හා සංවිධාන වෙත පිලිගන්වනු ලැබුණි.
‘අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල පනත‘ ගෙන එනු ලබන්නේ පසුගිය යුද්ධයේදී අතුරුදන් කළවුන් පිළිබද සත්‍ය තොරතුරු රැස්කිරීමට බලය ලත් ආයතනයක් පිහිටුවීමට හා ඒ ඇසුරින් ඔවුන්ගේ ඥාතින් ඇතුළු සමාජය අපේක්ෂා කරන යුක්තිය ඉටු කිරීමට බව ආණ්ඩුව පවසා තිබේ. ඒ පිළිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කියවීමක් වන මෙම පොත් පිංච පිළිබද සෙසු දේශපාලන පක්ෂවල අදහස් සංවාදයකට ලක් කිරීම මෙයින් ආරම්භයක් තබන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රකාශ කර තිබේ.
පෙ.ස.ප. විසින් ප්‍රසිද්ධ කළ එම පොත් පිංච ඔබටත් පහත සබැදියෙන් කියැවිය හැකිය.