චීනය තවත් නවීන යුධ නෞකාවක් නිපදවයි
Posted on 06.28.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
චීනය සිය රට තුලම සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරන ලද අති නවීන යුධ නෞකාවක් සිය නාවික හමුදාව සදහා එක්කරනු ලැබ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය අප්‍රේල් මස සිය ප‍්‍රථම දේශීයව නිෂ්පාදනය කළ ගුවන් යානා ගෙනයාහැකි නෞකාවක් එරට නාවික හමුදාවට පැවරීමට චීන බලධාරීන් කටයුතු කර තිබුනි.
අසල්වැසි ජපානය, තායිවානය, වියට්නාමය, පිලිපීනය, බෲනායි හා මැලේසියාව යන රටවල් සමග පවතින අර්බූදකාරී තත්වයක් දකුණු චීන මුහුදු ප‍්‍රදේශයේ පවතින බැවින් සිය නාවික හමුදාව වර්ධනය කිරීමේ කි‍්‍රයාමාර්ගයක දිගු කාලීනව නිරතව සිටී.
දේශීය නිෂ්පාදනය කර ඇති මෙම නව යුධ නැවට අති නවීන රේඩාර් පද්ධති හා ගුවන් යානා නාශක මිසයිල, නැව් විනාශ කිරීමේ මිසයිල හා සබ්මැරීන් වලට පහර දිය හැකි ටෝපිඩෝ වර්ගයට අයත් මිසයිල හා මිසයිල නාශක ප‍්‍රති මිසයිල පද්ධතියකින්ද සමන්විත බවයි. සිය නවතම යුධ නැව පිළිබදව හෙළිකරමින් චීන ආරක්ෂක අංශ සාමාජිකයකු එරට මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය මාර්තු මස චීන බලධාරීන් පවසා සිටියේ සිය හමුදා නවීන පන්නයේ තාක්ෂණයට ගැලපෙන ලෙස වැඩි දියුණු කිරීමට තීරණය කර ඇති බවයි. ඒ වගේම සිය ආරක්ෂක වැයද මෙම වසර තුල සියයට 7කින් ඉහළ දැමීමට කටයුත් කරන අතර ඉදිර වසර තුල එය සියයට 10 දක්වා වැඩි කිරීමට චීනය බලාපොරොත්තු වන බවයි.
එක්සත් ජනපදය ආරක්ෂක වැය අතින් ලොව ප‍්‍රධානතම රට ලෙස සිටින අතර එරට ජාතික ආධායමෙන් සියයට 3ක් ආරක්ෂාව වෙනුවෙන් යොදවයි. ට‍්‍රම්ප් පරිපාලනය මෙය සියයට 10 දක්වා ඉහළ දමන බවට ප‍්‍රකාශකර තිබේ.
දැනට චීනය සමග දකුණු චීන මුහුද ප‍්‍රදේශය තුල උද්ගතව ඇති අර්බූදකාරී තත්වය හමුවේ එක්සත් ජනදය සිය නාවුක හමුදා එම කලාපයේ මෙහෙයුම්වලට යොදවා ඇත්තේ චීනයට යම් අභියෝගයක්ද ඉදිරිපත් කරමිනි.
මෙම තත්වයට මුහුණදීමේදී චීනයට සිය නාවික හමුදාව නව අභියෝග ජයගතහැකි තත්වයට ගැලපෙන ලෙස නිර්මාණය කිරීමේ අටියෙන් චීනය කටයුත් කරනු පෙනේ.
Save
Related News