චීන ජනපති හොංකොංහි සංචාරයක
Posted on 06.29.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
චීන ජනපති ෂී ජින් පිං හොංකොංහි සංචරයක නිරතව ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.
හොංකොං දූපත බ්‍රිතාන්‍යයන් විසින් චීනයට බාරදීමේ 20 වන සංවත්සරයට සමගාමීව මෙම සංචාරය සිදුව තිබේ.
2012 වසරේ චීන ජනපති වීමෙන් පසු ෂී ජින් පිං ජනාධිපතිවරයා හොං කොංහි කරනු ලබන පළමු සංචාරය මෙය වේ. මෙම සංචාරය අතරතුර චීනයට පක්ෂපාතී කණ්ඩායම් විසින් චීනයට සහාය පළකිරීම්ද හා ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් කරනු ලබන උද්ඝෝෂණවලට සහාය දක්වන පිරිස්ද සිය විරෝධතා පවත්වා ඇති බව වාර්තාවේ.
චීන විරෝධී මත දරනු ලබන විවිධ ක්‍රියාකාරිකයින් විසින් ෂිංගේ පැමිණීමට එරෙහිවත් හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස ඉල්ලා විරෝධය පළ කර තිබේ. මේ අය අතරින් කිහිප දෙනෙකුම එරට ආරක්ෂ අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මීට පෙර හු ජින් තාවෝ ජනාධිපවරයා 2012 වසරේ පැවැති හොංකොංහි සංචාරයක නිරතව ඇත්තේ හොංකොං පැවරීමට 15 වසරක් පිරීමේ අවස්ථාවේය.
Related News