බ්‍රසීල ජනපතිට එරෙහි අල්ලස් චෝදනා එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත
Posted on 06.29.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එඩ්සන් පැචින් විසින් එරට ජනාධිපතිවරයාට එරෙහිව නැගී ඇති චෝදනා පිළිබදව කොංග්‍රස් අනුමැතිය සදහා යොමු කර ඇත.
ජනාධිපතිවරයාට එරෙහිව එල්ලවී ඇති මෙම දූෂණ හා අල්ලස් චෝදනා එරට නීතිපති රොඩ්රියෝ ජොනට් විසින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකර තිබුනි. මෑතකදී ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශකයකුව ඇමෙරිකානු ඩොලර් විශාල ප්‍රමාණයක් සහිත බ්‍රීෆ්කේස් එකක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
ඊට අමතරව එරට ප්‍රධානතම මස් ඇසුරුම් සමාගමේ ප්‍රධානියා විසින් ජනාධිපති මයිකල් ටෙමර් අල්ලස් ගත් බවට සෘජුවම චෝදනා එල්ල කළේය. එරට ජනාධිපතිවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් වන නීතිමය ක්‍රියා මාර්ගයකට යොමුවිය හැක්කේ එරට කොංග්‍රස් මණ්ඩලයේ තුනෙන් දෙකක අනුමැති ලැබුනු විටය.
කොංග්‍රස් මණ්ඩලයේ මුළු සාමාජිකයින් ප්‍රමාණය 513කි. කොංග්‍රස් මණ්ඩලය මෙම චෝදනා එල්ලවී ඇති කරුණු පිළිබදව විශේෂ ව්‍යවස්ථාමය කොමිෂමක් කොංග්‍රසය යටතේ වේ. එම මූලික විමර්ශනයෙන් පසුව විභාගයට ගැනීම සදහා අනුමැතිය පළ කළහොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරි ක්‍රියාමාර්ග ජනාධිපතිවරයාට එරෙහිව ක්‍රියාත්මක වනු ඇත.
හිටපු ජනාධිපතිනිය වූ ඩිල්මා රොසෙප්ව පසුගිය කාලයේ එරට ජනාධිපති ධූරයෙන් ඉවත් කිරීට මූලික චෝදනාවන් වූයේ ඇය සිය බලය අයුතු ලෙස පාවිච්චි කිරීම හා එරට පැට්රෝලියම් සමාගමෙන් අල්ලස් ලබා ගත් බවට වන චෝදනාය.
Related News