වෛද්‍ය ශිෂ්‍ය මව්පියන් ඉදිරියට සන්නද්ධ රථ කැදවයි
Posted on 06.28.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සයිටම් අහෝසි කිරීමට ශිෂ්‍ය මව්පියන් කැදවූ සාමකාමී විරෝධතාවක් නිසා ආණ්ඩුව විසින් අද (26) කොළඹ කොටුවට විශාල පොලිස් හමුදාවක් සහ සන්නද්ධ රථ කැදවා තිබිණි.
සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ පොදු ශිෂ්‍ය ප්‍රජාව අතර මෙන්ම විශ්ව විද්‍යාල ආචාර්යවරු, මවුපියන් සහ පොදු ජනයා විසින් රොද බදිමින් ඇවිල යන සයිටම් විරෝධය මර්දනයෙන් කුඩු පට්ටම් කරන්නට ආණ්ඩුව උත්සාහ ගන්නා බවට පැහැදිලි සාක්ෂි මතු වෙමින් තිබේ. අන්තර් විශ්වවිද්‍යාලයීය හිෂ්‍ය බල මණ්ඩලය විසින් සයිටම් ආයතනය ආරම්භ යේ සිට ඊට එරෙහිව ගොඩ නැගූ විරෝදය අදවනවිට සාමාන්‍ය ජනතාවගේ මුවින්ද නැගෙමින් තිබීම නිසා ආණ්ඩුව දැවැන්ත පරාජයක අද්දට පැමිණ ඇත. මෙම තත්වය තුළ පෙනී යන්නේ පාලකයන් වියරුවෙන් මෙන් යුද මුහුනුවරකින් සාමාන්‍ය විරෝධතාවකට වි
ශාල පොලිස් බලකායන් කැදවමින් සන්නද්ධ යුද රථ යොදවමින් භීෂණකාරි මර්දනයකට අර අදින බවයි.

Related News