විශාල පරිමාණයෙන් සිදු කරනු ලබන ඉස්සන් වගාව හේතුවෙන් හලාවත, ඉරණවිල ප්‍රදේශයේ ජල මූලාශ්‍ර අපවිත්‍ර වී දැවැන්ත විනාශයකට ගොදුරු වීමට විරෝධය ඵලකරමින් ප්‍රදේශවාසින් විසින් අද(08) දින විරෝධතාවයක නිරත විය.
එම ස්ථානයට පැමිණි අඩවි වන නිලාධාරියෙක් ද විරෝධතාකරුවන්ගේ ග්‍රහණයට නතු වූ අතර මාර්ග අවහිර කරමින් ටයර් පුළුස්සමින් පැය 4ට ආසන්න කාලයක් උද්ගොෂණය පැවතුනි. පොලිසිය සහ වන සංරක්‍ෂණ නිලධාරීන් ගැටළු විසදීමට පොරොන්දු වීමෙන් පසු විරෝධාතාකරුවන් විසිර යන ලදි.