සයිටම් විරෝධී ඒකාබද්ධ වැඩවර්ජනය හා විරෝධතාව හෙට!

රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ඇතුළු වෘත්තිය සමිති ඒකාබද්ධව කැදවන වැඩ වර්ජනයක් හා විරෝධතාවක් මැයි මස 5(හෙට) දින පැවැත්වේ.

වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය අහෝසි කිරීම, එට්කා ගිවිසුම, විශ්‍රාම වැටුප් කප්පාදුව හා රාජ්‍ය ආයතන විකිණීමට එරෙහිව මෙම ැවඩවර්ජනය ක්‍රියාත්මක කරන්නට තීරණය කළ බව එම වෘත්තිය සමිති ප්‍රකාශකයෝ පවසති. විශේෂයෙන්ම සයිටම් ආයතනය සම්බන්ධව දිගින් දිගටම දැක්වූ විරෝධය නොතකා අත්තනෝමතික ලෙස කටයුතු කරන ආණ්ඩුව එට්කා ගිවිසුම සම්බන්ධව ප්‍රකාශ කළ ස්ථාවරය නොතකා කටයුතු කරමින් සිටින බව වෛද්‍ය වෘත්තිය සමිති විසින් චෝදනා කර තිබේ.

මෙම වැඩ වර්ජනයට අධ්‍යාපන පෞද්ගලිකකරණයට එරෙහිව අරගලයේ යෙදෙන ශිෂ්‍ය සංගම් ද වාමාංශික පක්ෂ, රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති සිය සහියෝගය පළ කර තිබේ. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් මේ සම්බන්ධව සිය ස්ථාවරය හෙළිකිරීමට අද (4) ජනමාධ්‍ය සාකච්ඡාවක් කැදවා ඇත.

Leave a Reply