தமிழ்
English
Contact
Monday 18th December 2017    
එ. ජනපදය, ඩොලර් බිලියන දහයක අවි සෞදියට විකුණයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

එ. ජනපදය, ඩොලර් බිලියන දහයක අවි සෞදියට විකුණයි



ඩොලර් බිලියන දහයකට වැඩි අවි ආයුධ සෞදි අරාබියට විකිණීමට එක්සත් ජනපදය සූදානම් වේ. ඒ සදහා වන අවසන් එකගතාවයට පැමිණීම සදහා ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි අරාබියට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ට්‍රම්ප් සිය ජනාධිපති ධූරයේ දිවුරුම්දීමෙන් පසුව සිදුකරන ලද ප්‍රථම විදෙස් සංචාරයද මෙය වෙයි. සෞදි අරාබිය සමග එක්සත් ජනපය දිගු කලක සිට අවි ආයුධ වෙළදාම කරගෙන යනු ලබයි.

මැදපෙරදිග කලාපය තුල එක්සත් ජනපද කලාපීය වුවමනාව ඉටු කිරීමේ පුරෝගාමියා වන්නේ සෞදි අරාබිය හා ඊශ්‍රයලයි. ට්‍රම්ප් සිය පළමු විදෙස් සංචරය සදහා මෙම රටවල් දෙකම තොරාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.




Related News