ගෘහස්ත විදුලි බිලට නව ක්‍රමයක්.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් ගෘහස්ත විදුලි බිල සඳහා නව ගාස්තු ක්‍රමයක් හදුන්වා දීමට යන අතර ඒ සඳහා මේ වන විට මහජන පාරිභෝගික උපයෝගිතා කොමිසන් සභාවේ අනුමැතියද හිමිවී තිබේ.

මෙමගින් කාලය මත පදනම්ව ගාස්තු අය කිරීම සිදු කරන අතර, කාර්යබහුල වේලාවන්හිදී විදුලි පරිබෝජනය අධෛරමත් කිරීම මෙහි අරමුණ වී ඇති බව ප්‍රකාශ වේ. කෙසේ වෙතත් දැනට මෙම ගාස්තු ක්‍රමය කැමති විදුලි පාරිභෝගකයින් සඳහා පමණක් ලබා දෙන බව පවසයි.

දිගින් දිගටම ලංකා විදුලි බල මණ්ඩලය සතුව පවතින ධාරිතාවය දිවයිනේ පරිභෝජනයට ප්‍රමාණවත් නොවීම මෙහි මූලික ගැටලුව වේ.

නව ගාස්තු ක්‍රමය.

රාත්‍රී 10.30 සිට උදෑසන 5.30 අතර කාලය සඳහා විදුලි ඒකකයක මිල – රු: 13

උදෑසන 5.30 සිට පස්වරු 6.30 අතර කාලය සඳහා විදුලි ඒකකයක මිල – රු: 25

පස්වරු 6.30 සිට රාත්‍රී 10.30 අතර කාලය සඳහා විදුලි ඒකකයක මිල – රු: 54

මාසික මූලික ගාස්තුව රු:540