රුසියානු, ඉරානය හා තුර්කිය යන රටවල මූලිකත්වයෙන් සිරියානු සාම සාකච්ඡා ආරම්භ කිරීමට ක්‍රියාකොට ඇත. මීට පෙරත් අවස්ථා කිහිපයකදී අස්තානා නුවර සාකච්ඡාවට කිහිපයක් සිදු කර තිබුනි.
එම අවස්ථාවේ එක්සත් ජනපදය සිය නීරීක්ෂණ සදහා නියෝජිතයකු සහභාගී කර තිබුනි. මෙවර රුසියානු ජනාධිපතිගේ විශේෂ මැදිහත්වීමෙන් එ.ජනපද ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයකු ලෙස මැදපෙරදිග කලාපයේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු භාර සහකාකර ලේකම් ස්ටුවට් ජෝන් යොමුකරවා ගැනීමටට සමත්ව ඇත.
සිරියානු සාම සාකච්ඡා සදහා ඉරානය, සිරියාව, තුර්කිය, එක්සත් ජනපදය හා රුසියාව යන රවල නියෝජිතයින් මුලිකවම සහභාගීවන අතර සිරියානු ආණ්ඩුවේ නියෝජිතයින් හා සිරියානු විපක්ෂයේ නියෝජිතයින්ද මෙම සාකච්ජා සදහා සහභාගී කර ගැනීමට සාම සාකච්ඡා සදහා මැදහත්ව කටයුතු කරන කණ්ඩායම් සමත්ව ඇත. මෙම සාකච්ඡා සදහා කසකස්ථානයද විශේෂ වැඩකොටසක් ඉටු කරන ලබන අතර අස්තානා නුවර සියලු පහසුකම් ලබාදෙනු ලබයි.
ඊයේ සාම සාකච්ඡාවලින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති රුසියානු විශේෂ නියෝජිත ඇලෙක්සැන්ඩර් ලැව්රෙන්කොව් දැනට ඇනහිට ඇති සාම ක්‍රියාවලිය නැවත හැකි ඉක්මනින් පණගන්වා ගැනීමට සියලු පාර්ශව විසින් කරන ලබන ප්‍රහාරයන් තාවකාලික නතර කළයුතු බවට යෝජනා කර ඇත.
සිරියාවේ සාම ක්‍රියාවලිය සදහා රුසියානු රජය සිය උපරිම කැපවීම යොමුකරන බවත් කලාපීය ස්ථාවරත්වය හා සංහිදියාව සදහා මෙම සාම සාකච්ඡා සාර්ථක කර ගැනීමේ අදිටනින් මෙම සාකච්ඡා සදහා රුසියානු මැදහත්වීම ඔහු එහිදී අවධාරණය කර ඇත.