සටන් පාඨ හතරක් මූලික කර ගනිමින් විරෝධතා පෙත්සමකට ජනතාවගේ අත්සන් ලබා ගැනීමේ හා දැනුවත් කිරීමේ වැඩසටහනක් සමඅයිතිය ව්‍යාපාරය විසින් ආරම්භ කර තිබේ.
ජූලි මස 4, 5 දිනවලදී යාපනයේදී, 11 සහ 12 දිනවලදී මඩකලපුව්දී සහ 14 සහ 15 දිනවලදී ත‍්‍රිකුණාමලයේදී මෙම අත්සන් ලබා ගැනීම සිදු කරයි.
-
දැන්වත් යුද හානි සඳහා වන්දි ගෙවනු! පැහැර ගත් ඉඩම් ජනතාවට ලබා දෙනු!
-
හමුදාව බැරැක්කවලට සීමා කරනු! ජනාවාසවලින් කඳවුරු ඉවත් කරනු!
-
සියලූ දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරනු!
-
සියලූ අතුරුදන් කිරීම් වහා හෙළි කරනු!
යන සටන් පාඨ මූලික කර ගෙන මෙම දැනුවත් කිරීමේ හා අත්සන් ලබා ගැනීමේ වැඩසටහන ක‍්‍රියාත්මක වේ.


