ස්පාඤඤයේ වරාය කම්කරුවන් වැඩ වර්ජනයකට සැරසේ
Posted on 06.18.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
ස්පාඤ්ඤ වරාය කම්කරුවන් විසින් එළැඹෙන ජූලි මස වැඩ වර්ජනයක් දියත් කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ස්පාඤ්ඤ වරාය තටාකාංගණ කම්කරුවන් විසින් මෙම වැඩ වර්ජනය දියත් කිරීමට සැලසුම් කර ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි. දැනට ස්පාඤ්ඤය තුල ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණයන්ට අනුව එරට වරාය තටාකාංගණ කම්කරුවන්ගේ වැඩ දිනයට අදාල නව කොන්දේශි රාශියක් අළුතින් පැණවීමට එරෙහිව මෙම වැඩ වර්ජනයට හේතුවේ.
එම නව කම්කරු නීති පසුගිය මැයි මස මැදදී එරට නීති අංශ කෙටුම්පත් කර ඇත. මෙම නව නීති එරට වරාය කම්කරුවන්ට දැඩි කොන්දේශි අළුතින් පනවා ඇති හෙයින් එයට විරෝධය පළ කිරීමට එරට ප්‍රබල යූ.ජී.ටී වෘත්තීය සංගමය තීරණය කර ඇත.
මේ වැඩ වර්ජනය මුලින් අකුරට වැඩ කිරීමේ ක්‍රියා මාර්ගයක් හරහා ආරම්භ වී ජුනි 26-28-29 අතර කාලය තුල ජූලි මස 01,03,05,06,08 යන දිනවල අතිකාල වැඩ කටයුතු වලින් ඉවත්ව සිටීමට තීරණය කර ඇත.
මෙම වැඩ වර්ජනයෙන් ස්පාඤ්ඤයේ ආර්ථිකයට ප්‍රබල බලපෑමක් වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Related News