ඒකාබද්ධ හමුදා මොසුල් මෙහෙයුමේදී සුදු පොස්පරස් භාවිතා කළැයි චෝදනා
Posted on 06.17.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
එක්සත් ජනපද හා ඉරාක ඒකාබද්ධ හමුදා මොසුල් නගර මෙහෙයුමේදී සුදු පොස්පරස් භාවිතා කර ඇති බවට චෝදනා එල්ලවේ.
මාස කිහිපයක සිට ඉරාකයේ මොසූල් නගරය මුදවා ගැනීමේ මෙහෙයුමේ අවසන් අදියරට පැමිණ සිටින ඒකාබද්ධ හමුදා විසින් මොසූල් නගරය තුල සුදු පොස්පරස් භාවිතයට ගෙන ඇති බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්බන්ධීකාරක මොහොමඩ් ෂෙකාල් චෝදනා කර ඇත.
මෙම මෙහෙයුම්වලදී සුදු පොස්පරස් භාවිතයට ගැනීමේ කිසිදු ජාත්‍යන්තර නීතිමය හිමිකමක් ඒකාබද්ධ හමුදාවන්ට නොමැති බව ඔහු එහිදී දැඩිව අවධාරණය කර ඇත. මෙසේ ඉතා විෂ රසායනික ද්‍රව්‍ය මොසූල් වැනි ඉතා නාගරික ප්‍රදේශයක භාවිතයට ගැනීම ජාත්‍යන්තර යුද අපරාධ ගණයට වැටේ.
කෙසේ වෙතත් මෙවැනි විෂ රසායන ද්‍රව්‍ය භාවිත කරමින් අයි.එස්.අයි.එස්.වරැන්ට එරෙහිව යැයි පවසමින් එක්සත් ජනපදය ඇතුළු ඒකාබද්ධ හමුදා ඉරාක ජන සංහාරයක් කරමින් සිටී.
Related News