වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට හෙලිකොප්ටරයකින් බෝම්බ දමයි

වත්මන් වෙනිසියුලාවේ පාලනයට එරෙහිව කටයුතු කරන පොලිස් නිධාරීයකු හා තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු එරට පොලිස් හෙලිකොප්ටරයක් බලයෙන් පැහැරගෙන එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අත්බෝම්බ ප්‍රහාර 04ක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට මූලිකව කටයුතු කළ පොලිස් නිලධාරියකු සිය ප්‍රහාරය පිළිබදව වීඩියෝ පටයක සිය මෙහෙයුම ගැන සදහන් කර තිබේ. දැනට මාස කිහිපයක සිට වෙනිසියුලාවේ විපක්ෂය විසින් නිකොලස් මාදුරෝගේ රජයට එරෙහිව දැවන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.

මෙම උද්ඝෝෂණවලට සමගාමීව එරට රජයට පක්ෂපාතී කණ්ඩායම්ද විපක්ෂයට එරෙහිව සිය විරෝධතා දියත් කරමින් සිටී. කෙසේ වෙතත් වෙනිසියුලාවේ මෙම දේශපාලන ව්‍යාකූලත්වයකට එක්සත් ජනපයේ අනුග්‍රහය ලැබෙන බවට මාදුරෝ චෝදනා කරයි.

Leave a Reply