එක්සත් ජනපදය මුස්ලිම් රටවල් හයකට සංචාරක තහනමක්
Posted on 06.30.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
ඇමෙරිකාව වෙත ත්‍රස්තවාදීන් ඇතුළුවීම වැළක්වීම සදහා ට්‍රම්ප් පරිපාලනය විසින් ගෙන එනු ලැබූ නියෝගයට අභියෝග කළ එරට මානව හිමිකම් සංවිධාන විසින් එම තහනමට එරෙහිව අභියාචනයක් කර තිබුනි.
මාස පහක් තිස්සේ පැවැති මෙම විවාදාත්මක සංචාරක තහනම් ප්‍රශ්නය පසුගියදා නිමාවිය. මෙම අභියාචනය පිළිබදව සලකා බැලූ එරට ශ්‍රේෂ්ඨාධිකරණය එම කහනම පැනවීම නීතියානූකූල බව ප්‍රකාශ කර ඇත.
මෙම සංචාරක තහනම පිළිබදව පසුගියදා එරට ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයාට හිමි බලතල අනුව එම නියෝගය ක්‍රියාත්මක කිරීමට හැකි බව ප්‍රකාශ කළේය.
ඒ අනුව පසුගිය අගහරුවාදි සිට ඉදිරි දින 90 කාලයක් තුල ඉරනය, ලිබියාව, සෝමාලියාව, සුඩානය, සිරියාව හා යේමනය යන රටවල් සදහා මෙම සංචාරක තහනම පනවා ඇතැයි වාර්තාවේ.
ට්‍රර්ම් පරිපාලනය විසින් තහනම් පනවා ඇති ඉහත සදහන් රටවල් වලින් එක්සත් ජනපදය වෙත සරණාගතයින් ලෙස ත්‍රස්තවාදී සැකකරුවන් ඇතුළුවීම වැළක්වීම සදහා මෙම දින 90ක සංචාරක තහනම පැනවීමට ක්‍රියා කරන බව ධවල මන්දිර ප්‍රකාශක මාධ්‍ය හමුවේ ප්‍රකාශකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Related News