தமிழ்
English
Contact
Monday 25th December 2017    
කාලගුණ ආපදා නිසා වී අස්වනු 40%කින් අඩුවේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කාලගුණ ආපදා නිසා වී අස්වනු 40%කින් අඩුවේ!



පසුගිය කාලයේ පැවැති නියං තත්වය සහ අනතුරුව අධික වර්ෂා තත්වය නිසා වී නිෂ්පාදනයේ සිදුවූ පහත වැටීම නිසා සහල් මෙට්‍රික් ටොන් 686,000ක ප්‍රමාණයක් අානයනය කිරීමට සිදු වෙතැයි ලෝක අාහාර වැඩසටහන පවසයි.

කුරුනෑගල, මොනරාගල, වවුනියාව, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්ක පසුගිය නියගයෙන් මහත් බලපෑමකට ලක් විය. මෙම දිස්ත්‍රික්ක අතුරින් යාපනය හැර අනෙක් වී වගාව වැඩි වශයෙන් සිදුවන දිස්ත්‍රික්ක ලෙස සැළකේ. 2017 අපේක්ෂිත වී අස්වැන්නෙන් 40%ක් පමණ නියගය නිසා අඩුවන්නට නියමිත බව ගණන් බලා ඇත. මේ නිසා සහල් ආනයනය කරන්නට සිදුවන බව ලෝක ආහාර වැඩසටහනේ අනාවැකියකි. ආණ්ඩුව දැනටමත්, ඉන්දියාව, වියට්නාමය, ඉන්දුනීසියාව, පාකිස්ථානය හා තායිලන්තය යන රටවලින් සහල් ආනයනය කිරීමේ සාකච්ඡා සිදුකර ඇත. මෙට්‍රික් ටොන් පන්ලක්සයක් පමණ ආනයනය කිරීමට සූදානම් බව වෙළෙද අමාත්‍යංශ ආරංචිමාර්ග හෙලි කරයි.

එසේ වුවද දේශීය වී නිෂ්පාදනය අතිරික්තව තිබුනු 2015 වසරේ සිට මහා පරිමාණ පෞද්ගලික වී මෝල් හිමියන් විසින් අවම මිලකට ලබාගත් වී තොග සහල් කර ගබඩා කළ බවත් වරින්වර එම තොග අධික ලාභ තබාගෙන නිකුත් කරමින් පාරිභෝගිකයා සූරාකෑම සිදුවන බවත් ගොවි සංගම් චෝදනා කරති.




Related News