ලංකාවේ පාසලක් නැති ළමයින් තුන් දහසක්!

education

පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල දෙවැනි වාර විභාග එළඹෙමින් වසරේ 7වැනි මාසය ගෙවී යන අතර දිවයින පුරා පාසල් අහිමි සිසු සිසුවියන් සංඛ්‍යාව 3000කට නොඅඩු බව හෙළි වී තිබේ. මේ බව ප්‍රකාශ කලේ ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් කළ ප්‍රකාශයකිනි.

ලංකා ගුරු සංගමයේ 59 වැනි නියෝජිත සම්මේලනය පසුගිය 8වැනිදා මඩකලපුව මහජන විද්‍යාලයේ දී පැවැත්විණි. දිවයිනේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය වන පරිදි ගුරුවරු විශාල පිරිසක් ඊට එක්ව සිටි මෙම සම්මේලනයේ දී එළඹෙන වසරේ දිනා ගත යුතු ඉල්ලීම් 84ක් හා යෝජනා 14ක් සම්මතර කර ගැනිණි. අධ්‍යාපන ක්ෂේත්‍රයට අයත් ඉල්ලීම් ඒ අතර වන බව ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් කීවේය.

පාලිත තෙවරප්පෙරුමගේ මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයයේ සිද්ධියෙන් පෙන්නුම් කරන්නේ පාසල් වලට ළමයින් ඇතුළත් කිරීමේ ක්‍රමවේදයේ ඇති ගැටළු සහගත බව යැයි ලංකා ගුරු සංගමයේ ලේකම් පෙන්වා දුන්නේය. ළමයින් ඇතුළු කිරීම සම්බන්ධයෙන් දෙමාපියන් අත්අඩංගුවට ගැනීම වැරදි බවත්, තෙවරප්පෙරුම මන්තීවරයා මීගහතැන්න ප්‍රාථමික පාසලේ ඇතිකළ සිද්ධිය බලා සිටි පොලිසිය මාපියන් අත්අඩංගුවට ගැනීම තරයේ හෙළා දකින බවත් ඔහු කීවේය.

ඉදිරි වර්ෂය සඳහා ලංකා ගුරු සංගමයේ නිලධාරී මණ්ඩලය තෝරා ගැනීම මෙම සම්මේලනයේදී සිදුවිය. ජෝසප් ස්ටාලින් ප්‍රධාන ලේකම් ලෙසත්, ප්‍රියන්ත ප්‍රනාන්දු සභාපති ලෙසත්, එච්. එම්. ගුණරත්න භාණ්ඩාගාරික ලෙසත් තෝරා පත් කර ගැනිණි.

Leave a Reply