බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වනවාද? නැද්ද? යන්න තීරණය කිරීමේ ජන මත සමීක්ෂණය මේ වන විට අවසන්ව ඇත. 51.9%ක් ඉවත්වීමට පක්ෂවද, 48.1%ක් බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමය තුළ සිටිය යුතුයි යනුවෙන්ද ප‍්‍රකාශ කර තිබුණි. මෙහිදී ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තය හා ලන්ඩන් හැරුණු කොට ජන මත විමසුම පැවැත්වූ ඉතිරි කලාප 9 හිම බහුතර අදහස වී තිබුණේ බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුය යන්නය.
බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයට එක්වන්නේ 1973 දීය. යුරෝපා සංගමය මඟින් 2007 දී එය හා සම්බන්ධ රට වලට ඉන් ඉවත්වීමට ඇති අයිතිය තහවුරු කරන ලදී.
යුරෝපා සංගමයේ ඉතිහාසය
යූරෝපා සංගමය නිර්මාණය වීමේ මුල් බිජු පවතින්නේ දෙවන ලෝක යුද්ධයත් සමඟ නිර්මාණය වූ අධිරාජ්‍ය විරෝධී අරගලයන් වලට ප‍්‍රතිචාරයක් ලෙසය. විශේෂයෙන් සෝවියට් සමූහාණ්ඩුව හා චීනය සමාජවාදී රාජ්‍යන්ලෙස පසෙකින් පවතිද්දී එවාහි පැවැති සමාජ සුබසාධනයන් යුරෝපීය කම්කරු පන්තියට විශාල බලපෑමක් කළේය. නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය ලෙස ජර්මනිය බෙදී පැවතීම ග‍්‍රීසිය, ඉතාලිය වැනි රට වල වර්ධනය වූ කොමියුනිස්ට් ව්‍යාපාරය ප‍්‍රබල බලපෑමක් යුරෝපය මත ඇති කළේය. විශේෂයෙන් දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාව, බි‍්‍රතාන්‍ය සහ ප‍්‍රංශය ප‍්‍රධාන අධිරාජ්‍ය බලයන් ලෙස ලතින් ඇමරිකාව, අප‍්‍රිකාව හා ආසියා රටවල් බොහෝ රාජ්‍යන් තම අනසකට යටත් කර ගැනීමේ ව්‍යායාමයක නිරත විය. ‘යුරෝපා සංගමය’ යන්නට පසුබිමේ වූ කතාව මෙයයි. එය පැහැදිළිවම යුරෝපා අධිරාජ්‍යවාදයේ බැටලූ හමකි.
යුරෝපා සංගමය ඉතා පැහැදිළි ලෙස ඇමරිකා එක්සත් ජනපද නායකත්වය හා නේටෝව හා බැඳී අධිරාජ්‍යවාදී සූරාකෑම යුරෝපයේ තහවුරු කිරීම ප‍්‍රමුඛ අරමුණ කොට ගත්තේය.
බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් ධනවාදී සූරාකෑමට අදාළව කිසිදු වෙනසක් සිදු නොවන නමුත් ඒ මඟින් එකී සූරාකෑමේ යාන්ත‍්‍රණය දුර්වල වන බව පැහැදළිය.
කම්කරු පක්ෂය සහ ජෙරමි කෝබින්
පසුගිය කාලයේ විශේෂයෙන් කම්කරු පක්ෂ නව නායක ජෙරමි කෝබින් ගැන විශේෂ කතාබහක් විය. මෙහිදී කම්කරු පක්ෂ නායක ලෙස ජෙරමි කෝබින් පෙනී සිටියේ ‘විවේචනාත්මකව යුරෝපා සංගමය තුළ බි‍්‍රතාන්‍ය රැඳී සිටිය යුතුය‘ යන අදහසෙහිය. ජනමත විචාරනයේදී ‘යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුය‘ යන්න ජය ගැනීමෙන් පසු ඔහු බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේ ‘මිනිසුන් විරුද්ධතාව ප‍්‍රකාශ කර ඇත්තේ යුරෝපා සංගමයට නොව බි‍්‍රතාන්‍ය ආණ්ඩුවට බවයි.’ එහිදී බි‍්‍රතාන්‍ය තුළ පසුගිය කාලයේ සිදු වූ අධ්‍යපනය, සෞඛ්‍ය වැනි ක්ෂේත‍්‍රයන්හි සිදු වූ නව ලිබරල් උපායාමාර්ගික ප‍්‍රවේශයන් ගෙන හැර දැක්විය. මේ අතර ‘යුරෝපා සංගමය තුළ රැඳී සිටිය යුතුයි‘ යන මතය වෙනුවෙන් ජෙරමි කෝබින් එතරම් උවමනාවකින් පෙනී නොසිටිය බවට චෝදනා කරමින් ජනමත විචාරණයෙන් පසු ජෙරමි කෝබින් හට පාර්ලිමේන්තුව තුළ විශ්වාස භංගයක් ඉදිරිපත් විය. ඔහුගේම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් ගේ ඡන්දවලින් ඔහු පරාජය විය. නමුත් ඒ අතර බි‍්‍රතාන්‍ය කම්කරු පක්ෂ සාමාජිකයන් දහස් ගණනින් උද්ඝෝෂණයේ යෙදෙමින් ඔහුට සහය පළ කර සිටියේය.
ජෙරමි කෝබින් හා බි‍්‍රතාන්‍ය කම්කරු පක්ෂයේ පවතින මෙකී ප‍්‍රතිවිරෝධය එරට වාමාංශිකයන් විග‍්‍රහ කරන්නේ එම පක්ෂයේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී උරුමයේ ප‍්‍රකාශනයක් බවයි. ඒ අනුව කෝබින්ගේ හා කම්කරු පක්ෂයේ සීමාවන් සලකුණු වන බවද ඔවුහු ප‍්‍රකාශ කරති. මෙහිදී බි‍්‍රතාන්‍ය වාමාංශය කෝබින්ගෙන් ඇසූ ප‍්‍රධාන ප‍්‍රශ්නයක් වන්නේ ඔය කියන ආකාරයේ වාමාංශයට හිතකර යම් දෙයක් යුරෝපා සංගමය තුළ ඇත්නම් වින්ස්ටන් ච්ර්චිල් වැනි ආධානග‍්‍රාහීන් සහ 1975 දී මාග‍්‍රට් තැචර් වැනි අය යුරෝපා සංගමයට බි‍්‍රතාන්‍ය එකතු විය යුතු බවට ඉතා තද බල ලෙස පෙනී සිටියේ මන්ද යන්නයි.
බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමය තුළ රැඳී සිටිය යුතු බවට අදහස් කළ අයගෙන් දක්ෂිණාංශිකයන් ඉදිරිපත් කළ තවත් ප‍්‍රධාන තර්කයක් වූයේ පුහු ජාත්‍යන්තරවාදය පිළිබඳ අදහසයි. රැඳීසිටීම වෙනුවෙන් ප‍්‍රචාරක පටයක පෙනී සිටි හිටපු අගමැති ගෝඩන් බ‍්‍රවුන් කියා සිටියේ යුරෝපා සංගමය අපට සාමය දිනා දුන් බවයි. නමුත් යුරෝපා සංගමය එසේ දිනා දුන්නා යැයි කියන සාමය පිළිබඳ හොඳම උදාහරණයක් වන්නේ ග‍්‍රීසියේ මේ වන විට පවතින තත්වයයි.
එය යුරෝපා කොමිසම, යුරෝපා මධ්‍යම බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ට්‍රොයිකා) එක්ව ග‍්‍රීසිය වෙත එල්ල කර ඇති පීඩනයට එරෙහිව ග‍්‍රීක ජනතාව පෙළ ගැසුණහ. පසුගිය ජනමත විචාරණයේදී ජනයා කප්පාදු පිළිවෙතට එරෙහිවීමෙන් ඒ බව තහවුරු විය. එය මෑත කාලීන උදාහණයක් පමණි. මෙකී යුරෝපා සංගමයට අයත් සෑම රටකටම මෙය පොදු අත්දැකීමකි. ඒ නිසා යුරෝපා සංගමය ලබා දුන් තරම ගැන කවර කතාද?
ජාතිවාදයේ නැගීම
කෙසේ වෙතත්, යුරෝපා සංගමයෙන් බි‍්‍රතාන්‍ය ඉවත් වීම වාමාංශික ජයක් ලෙස කව්රුන් හෝ පුරසාරම් කියනවා නම් එය යථාර්ථවාදී නොවේ. මක්නිසාද යත් විශේෂයෙන් මෙහිදී ඡන්ද ව්‍යාපාරයේදී වඩාම කතා බහට ලක්ව ඇත්තේ ඉහත කී වාමාංශික අදහස නොව සංක‍්‍රමනිකයන්ට එරෙහිව මතු වූ ජාතිවාදී වර්ගවාදී කතාබහයි. එය ජනමත විචාරණය ප‍්‍රතිඵල නිකුත් වී ගෙවුනු දින කිහිපයේ බි‍්‍රතාන්‍යයේ තැනින් තැන මතු වූ සංක‍්‍රමණිකයන්ට එරෙහි උද්ඝෝෂණ හා නොයෙක් අඩම්තේට්ටම් වලින් පැහැදිළි විය. ‘මැල්කම් එක්ස්‘ වරක් කීවා මෙන් ‘ධනවාදයට වර්ගවාදයෙන් තොර පැවැත්මක් නැත’. එය ලොව කොතැනක වුව ආර්ථික දේශපාලන අර්බුධයේදී වඩා ලෙහෙසියෙන් පොලා පැනිය හැකි ඉසව්වකි.
ඒ නිසා බි‍්‍රතාන්‍ය වාමාංශය මෙහිදී වඩා සැලකිලිමත් විය යුතුය. එසේ මෙම තත්වය තුළ වඩා සුපරික්ෂාකාරී ලෙස පීඩිත පන්තීන් සමග යෙදෙන වාම දේශපාලන ක‍්‍රියාකාරීත්වය තුළ පමණක් මින් නිසි පල නෙලා ගත හැකි වනු ඇත. ඒ නිසා වඩා පළල් සංවිධානාත්මක වාමාංශික බලයක අවශ්‍යතාව අද වඩා තදින් යුරෝපයට දැනෙන්න පටන්ගෙන ඇත. නොඑසේනම් මෙය නිසැක ලෙසම වඩා දරුණු ජාතිවාදී මර්දනීය ආණ්ඩුවක් වර්ධනය වන සරු පසක් වනු ඇත.