ලොකුම නත්තල් ගහ ගැන කාදිනල්තුමාට දැනුම් දුන්නා, නියොජිතයෙක් එව්වා

මැල්කම් රංජිත් අගරදගුරු හිමියන් පසුගිය 6වැනිදා අපවාදයට ලක් කළ විශාලම නත්තල් ගසේ කටයුතු පිළිබද එතුමන් කලින් දැන සිටි බව එම ව්‍යාපෘතියේ සංවිධායකයකු පවසයි.

එහිදී අගරදගුරු නිවසට මෙම ව්‍යාපෘතිය සම්බන්ධව දැනුම්දීමක් කළ බවත් එහිදී අගරදගුරුතුමන්ගේ කාර්යමණ්ඩලයේ අයකු විසින් එම කාර්යයට අගරදගුරු හිමියන්ට ඒ බව දන්වන බව පවසා ඇත. ඉන්පසුව ඒ සම්බන්ධයෙන් කළ කරුනු දැක්වීමේදී මෙම නත්තල් ගස ව්‍යපෘතියට අගරදගුරු හිමි ආසිරි පතන බවක් එම කාර්ය මණ්ඩලයේ පුද්ගලයා සදහන් කළ බවද දන්වා ඇත. කතලෙික සිසුන් මෙම ඉදිකිරීමට සම්බන්ධ කරවන බව සහ දින දෙකකට වක් එහි වැඩ කටයුතුවලට ස්වෙච්ඡාවෙන් සම්බන්ධවන අයට ආහාර පාන දෙන්නටද කතොලික පල්ලිය පොරොන්දු වූ බව සංවිධායකවරයා පවසයි.

වරාය සහ නාවික අමාත්‍යාංශ ශ්‍ර‍වණාගාරයේදී ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ නත්තල් ගස ව්‍යාපෘතියේ සංවිධායක කමිටුවේ සභාපති මංගල ගුණසේකර පැවසුවේ අගරදගුරු හිමිපාණන්ගේ උපදෙස් අනුව ව්‍යාපෘතිය නතර කරන බවයි.

“අපිට ඕන වුණේ නත්තල් ගස නිර්මාණය කර නත්තල් කලාපයක් කරන්න. ඒ සම්බන්ධයෙන් අපි ආශිර්වාදය ඉල්ලා අතිගරු අගරදගුරුතුමන්ට ලිඛිතව දන්වා තිබෙනවා. නත්තල් ගසේ සමාරම්භක උත්සවයට ගරු පියතුමන්ලාද පැමිණියා. උන්වහන්සේගේ ආශිර්වාදය ලැබුණා. කොහොම නමුත් මේ වන විට අතිගරු අගරදගුරුතුමා ප්‍ර‍සිද්ධියේ උපදේශයක් ලබා දී තිබෙනවා. මේ නිසා අපිට ගරු ඇමතිතුමා උපදෙස් දුන්නා උන්වහන්සේගේ උපදෙස්වල ගරු කරමින් නත්තල්ගසේ ඉදිකිරීම් නතර කරන ලෙසට. ඒ අනුව අපි තන්තල් ගසේ ඉදිකිරීම් මේ මොහොතේ සිට නතර කරනවා.” යැයිද ඔහු පැවසීය.

අගෝස්තු 18 වැනිදා වරාය ඇමැති අර්ජුන රනගුංග විසින්උත්සවාකාරයෙන් ආරම්භ කළ මෙම නත්තල් ගස ඉදිකිරීමේ කටයුතු සදහා අගරදගුරු හිමියන්ගේ නියෝජිත පියතුමකු සහභාගි වූ බවද ඔහු පවසයි.

මෙතෙක් ලොව උසම නත්තල් ගස ලෙස මීටර් 90ක් උසින් මෙක්සිකෝව තැනබූ වාර්තාව අබිබවන්නට සැලසුම් කළ බවද සංවිධායකවරයා කීය.මහින්ද නානායක්කාරගේ අදහසක් අනුව මෙම නත්තල් ගස ඉදිකිරීමට කොළඹ වරාය සුබසාධක සංගමය එකග වී ඇත. කෙසේවෙතත් අවසානයේ අග රදගුරුතුමන් ජනමාධ්‍ය හමුවකදී ඊට විරුද්ධව කළප්‍රකාශය නිසා ඊට ගරුකිරීමක් ලෙස සලකා අමාරුකම් මැද පටන්ගත් ව්‍යාපෘතිය අතරමග නවතා දමන්නට සිදුවූ බවද ඔහු පවසයි.

launching-of-project-xmas-tree

වරාය හා නාවික කටයුතු ඇමති අර්ජුන රනතුංග විසින් ව්‍යාපෘතිය ආරම්භ කළ අවස්ථාව

Leave a Reply