මීතොටමුල්ල නිවාස අහිමිවූවන්ට තාවකාලික නවාතැනුත් අහිමි කෙරේ.

මීතොටමුල්ල කසළකන්දේ ඛේදවාචකය නිසා අනතුරට පත්වීමෙන් සහ අවදානම් නිවාසවල වසන අය ලෙස නම්කර ප්‍රද්ශයෙන් ඉවත් කළ පවුල්වලට තාවකාලික නිවාස අහිමිකරමින් ඇත.

කසල කන්ද නාය යාමෙන් සිය නිවාස අහිමි වූ පවුල් 30ක් පමණ මේ වන විට වාසය කරන්නේ කොලොන්නාව වී ගබඩා සංකීර්ණයේ තාවකාලිකව ඉදිකරන ලද කුඩා කාමර තුලය. මේ මොහොත වන විට තාවකාලිකව නිවාස කුලියට ලබා ගැනීමට බව පවසමින් රු:150,000/= ක මුදලක් බෙදා දෙමින් ලබන 12 වැනිදාට ප්‍රථම අදාළ තාවකාලික නිවෙස් වලින් ඉවත්ව යන ලෙස බලාපෑම් එල්ල කරමින් සිටී. කෙසේ වෙතත් අදාළ මුදල් ලබා දුන් සැනින් මෙසේ ඉවත් කීරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් ජනතාව සිය වීරෝධය ප්‍රකාශ කරන අතර මෙම සිදුවීමට අදාළ ක්‍රියාවලියට ම වගකිව යුතු ආණ්ඩුව පැනනැගුනු ගැටලුවලින් ද ක්‍රමනුකුලව ඉවත්වෙමින් තිබෙන බව දක්නට ලැබේ.

Leave a Reply