බ්‍රිතාන්‍ය මුල් පුටුවට නිසැකවම කාන්තාවක්!

2016.07.10 british pm1

ඩේවිඩ් කැමරන් අගමැතිකමින් ඉවත් වන්නට තීරණය කිරීමත් සමග අවධානයට ලක් වූ බ්‍රිතාන්‍යෙය් මීළග අගමැතිවරයා පිළිබද ප්‍රශ්නය කාන්තාවන් දෙදෙනකු විසින් විසදා ඇත.

අගමැති ඩේවිඩ් කැමරන්ගේ අනුප්‍රාප්තිකයා වශයෙන් තේරීපත්වීමේ තරගයට කොන්සර්වේටිව් පක්ෂයේ ‘තෙරේසා මේ‘ සහ ‘ඇන්ඩ්‍රියා ලීඩ්සම්‘ යන මන්ත්‍රීවරියන් ඉදිරිපත් වී තිබේ. සැප්තැම්බරයේ ඔවුන් දෙදෙනා අතුරින් බ්‍රිතාන්‍යයේ දෙවැනි අගමැතිවරිය තීරණය වනු ඇත. බ්‍රිතාන්‍යය ජනතාවගේ 52% බහුතරයක් ජනමත විචාරණයකින් යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තීන්දු කිරීමත් සමග ඉතිහාසයේ දෙවැනි වතාවට බ්‍රිතාන්‍ය අගමැති ධුරයට කාන්තාවක් පැමිණීමේ ඉඩකඩ විවර විය. 1990 නොවැම්බරයේදී ධූර කාලය නිමා කළ මාග්‍රට් තැචර්ගෙන් පසුව මෙසේ අගමැතිවරියක් බ්‍රිතාන්‍ය පාලනයට පැමිණීමට නියමිතය. වසර 11ක් බ්‍රිතාන්‍ය පාලනය කළ ‘යකඩ ගැහැණිය‘ගෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අගමැති ධුරය සඳහා කාන්තාවන් ඉදිරිපත් කෙරෙන පළමු අවස්ථාව මෙය වේ.

අගමැතිධුරයට පත්වන කොන්සවටිව් පක්ෂ නායකත්වය සදහා අපේක්ෂකත්වය වෙනුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්ද විමසීමේදී ස්වදේශ කටයුතු භාර ඇමැතිනී තෙරේසා මේ ඡන්ද 199 ක්ද, බලශක්තිය පිලිබඳ රාජ්‍ය ඇමැතිනී ඇන්ඩ්‍රියා ලීසම් ඡන්ද 84 ක් ද ලබාගෙන අවසන් වටයේ ඡන්ද විමසීමට සුදුසුකම් ලැබූහ.

Leave a Reply