පහරදීමට එරෙහි අනුරාධපුර වෘත්තීය තාක්ෂණ සිසුන් විරෝධතාවයේ… අනුරාධපුර වෘත්තීය තාක්ෂණ විද්‍යාලයේ අධක්ෂකවරයා කළ පහර දීමෙන් එම විද්‍යාලයේ ශිෂ්‍යයෙක් මේ වන විට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන අතර එම පහර දීමට විරෝධය දක්වමින් අද දින (04) එම විද්‍යාලයේ සිසුන් විසින් අනුරාධපුර නගරයේදී උද්ගෝෂණයක් සංවිධානය කර තිබුණි.