පසුගිය 24වැනිදා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පැවැති 24වැනි වාර්ෂික මහ සභාවේදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නව නිලධාරි මණ්ඩලය පත් කරගත් බව එම ව්‍යාපාරය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඒ අනුව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නව කැදවුම්කාරිය ලෙස ජ්‍යෝෂඨ මාධ්‍යවේදිනී සීතා රංජනී තේරී පත් විය. ලේකම් ධුරයට මාධ්‍යවේදි සී දොඩාවත්ත තෝරාගනු ලැබිණි. භාණඩාගාරික ලෙස තහා මුසම්මිල් පත්වූ අතර උපලේකම් ලෙස දිලීෂා අබේසුන්දර පත් කෙරිණි.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කාරක සභා සාමාජිකයන් ලෙස සමන් සී. ලියනගේ, සුනිල් ජයසේකර, නිරන්ජනී රෝලන්ඩ්, සම්පත් සමරකෝන්, ආනන්ද ජයසේකර, උදය කලුපතිරණ, ක්වින්ටස් කොළඹගේ, ජයසිරි ජයසේකර, ලසන්ත ද සිල්වා යන අය පත් කෙරිණි. අනුශාසකයන් ලෙස හනා ඊබ්‍රහිම් සහ ලක්ෂ්මන් ගුණසේකර පත් කෙරිණි.


