නාවික හමුදාවට සමාගම්වලින් පැසසුම් – කම්කරුවන්ට පහරදීම ගැන පරික්ෂණ නෑ!

පසුගිය දෙසැම්බර් 10 වැනිදා හම්බන්තොට වරාය පරිශ්‍රයේ සේවක වැඩ වර්ජනය හා විරෝධතාවයට නාවික හමුදාපති ඇතුලු සොල්දාදුවන් විසින් කළ පහරදීම සම්බන්ධයෙන් කිසිදු පරික්ෂනයක් සිදුකර නැතත් වර්ජනය නිසා වරායේ සිරව තිබුනු නැව් මුහුදට මුදාහරින්නට නාවික හමුදාව විසින් කළ සේවාව වෙනුවෙන් අදාළ නැව් සමාගම් විසින් පැසසුම් කර ඇත.

වරාය සේවකයන් විසින් කල වැඩවර්ජනය පිළිබද ආන්ඩුවෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් එය දිග්ගැසුනු අතර නැව් වරායෙන් පිටතට ගෙනයාමට ප්‍රමාදවීම හේතුවෙන් එය මුහුදු කොල්ලකෑමක් ලෙස ආණ්ඩුවෙන් වරාය සේවකයන්ට චෝදනා එල්ල කෙරිණි. ඉන්පසුව නාවික හමුදාව වෙඩි තබමින් වරාය ජැටියට ඇතුලු වී වරාය සේවකයන්ට පහරදී පලවා හැරිමෙන් පසුව නැව් මුදාහැරිම සිදු විය. මෙම නාවික හමුදා මෙහෙයුම තුළ නාවික හමුදාව විසින් ජනමාධයවේදින් දෙදෙනකුට පහරදීමද ආන්දෝලනාත්මක සිදුවීමක් විය. නාවික හමුදාපතිවරයා ජනමාධ්‍යවේදියකුට පහරදීමේ සිදුවීම පිලිබද පැහැදිලි වීඩියෝ දර්ශන තිබියදී ඒ පිළිබද කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නැත. පහරදීම පිළිබද ජනමාධ්‍යෙව්දින් කළ පැමිණිලි විභාග කිරීමක්ද මේ දක්වා සිදුව නැත.

කෙසේ වෙතත් කවසාකී කීසෙන් කයිෂා නැව් සමාගම  විසින් තමන්ට අයත් ‘හයිපීරියන් හයිවේ’ නැමති වාහන ප්‍රවාහන කිරිමේ ‍නෞකාව ඕමානය බලා යාත්‍රා කිරීමට සැලැස්විම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාපති සහ සමස්ථ නාවික හමුදාව වෙත ප්‍රශංසාව සහ විශේෂ ස්තූතිය ප්‍රකාශ ‍කර තිබිණි. එසේම “හයිහුන්ඩායි ග්ලෝවිස්, කොරියා” සමාගම විසින් තම ව්‍යාපාරික සමූහයට අයත් “ග්ලෝවිස් ෆීනික්ස්” නෞකාවේ මෙහෙයුම් කටයුතු සඳහා සහාය දැක්වීම සමබන්ධයෙන් නාවික හමුදාධිපති, ප්‍රමුඛ නාවික හමුදාවට ස්තුතිය පිරිනමා ඇත.

Leave a Reply