අද (05) දින ක්‍රියාත්මක විමට නියමිත දීප ව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තිය සමිති ගණනාවකගේ සහය හිමිවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
මේ සදහා සහය පළ කරමින් සියලු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පන්ති වර්ජනයේ නිරත වනු ඇත. එසේම ඊට සහය දක්වන විශාල වෘත්තිය සමිති ද හෙට දිනයේ තම සේවා ස්ථාන වල ඉදිරිපිට උද්ඝෝෂණ ක්‍රියාමාර්ග ගැනිමට නියමිතය.
මෙම වැඩ වර්ජනය සදහා තේමා කරගන්නා සටන් පාඨ මෙසේය
රෝගි ජිවිත අනතුරේ හෙළන SAITM ආයතනය පුර්ණ ලෙස ජනසතු කිරිම
රජය විසින් යෝජනා කළ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ ක්‍රමවේදය හකුළා ගැනිම
ජාතික ප්‍රතිපත්ති සම්පාදනයකින් තොරව,ETCA වැනි අන්තර් ජාතික වෙළද ගිවිසුම් අත්සන් කිරිම හරහා අපගේ රැකියා වෙළද පොළ අනතුරේ හෙළිම හා ජාතික සම්පත් හිතුමතේ විකුණා දැමීම වහා වැළැක්විම.