ලිබියානු හිටපු නායක ගඩාපිගේ පුතා නිදහස් කරයි
Posted on 06.11.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
හිටපු ලිබියානු නායකයාව සිටි මුවම්මර් ගඩාපිගේ දෙවන පුතා වන සයිෆ් ඉස්ලාම් ගඩාපිව නිදහස් කිරීමට ලිබියාවේ අන්තර්වාර පාලනයට සම්බන්ධ කණ්ඩායමක් කටයුතු කර ඇත.
දැනට ලිබියානු ප්‍රදේශ කිහිපයක් විවිධ සන්නද්ධ කණ්ඩායම් විසින් පාලනය කරන අතර ඒ අතරින් එක් කණ්ඩායමක් විසින් වසර හයක් තිස්සේ ඔහුව අත්අඩංගුවට ගෙන රදවාගෙන තිබුනි. කෙසේ වෙතත් සමාවක් ලැබීමෙන් පසුව ඔහුව කොන්දේශී සහිතව නිදහස් කිරීමට එම කණ්ඩායම එකගවී ඇත.
සිය පියා ඝාතනය කිරීමෙන් පසුව වෙනත් රටකට පළායමින් සිටියදී සයිෆ් ඉස්ලාම් ගඩාපිව අත්අඩංගුවට ගැනීමට ලිබියානු සන්නද්ධ කණ්ඩයමක් සමත් විය.
නිදහස් කළත් ඔහුට ප්‍රසිද්ධියේ සැරි සැරීමට අවස්ථාව නැතිබවත් සිය ඥාතීන් සමග නැගෙනහිර ලිබියානු බයිඩා ප්‍රදේශයේ ජීවත්වීමට අවසර ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙසේ ඔහුව නිදහස් කිරීම බොහෝදුරට එරට දැනිට පවකින අරාජිකත්වය වැඩි කිරීමටද හේතුවනු ඇති බවටද මත පළවී තිබේ.
Related News