தமிழ்
English
Contact
Thursday 28th September 2017    
මරණ තර්ජන වසාගන්නට ජෝන් අමරතුංග බේගල් ගසයි « Lanka Views | Views of the truth

මරණ තර්ජන වසාගන්නට ජෝන් අමරතුංග බේගල් ගසයි



තමන් විසින් නිවසට ආරාධනා නොකළ මාධ්‍යවේදින් පිරිසක් පැමිණ දිගටම ප‍්‍රශ්න අසමින් තමා අපහසුතාවට පත්කරන්න උත්සාහ කළ බවට ඇමති ජෝන් අමරතුංග බේගල් ඇද බාන්නට පටන් ගෙන තිබේ.

මුතුරාජවෙල සුරුකීමේ සංවිධානයේ සාකච්ඡුාව ජෝන් අමරතුංග ඇමති නිවසේ පැය දෙකක් පමණ පැවති අවස්ථාවේ ජනමාධ්‍යවේදින් පැමිණ සිටින වග පැහැදිලිව දැන සිටි ඇමතිවරයා තමන් විසින් ජනමාධ්‍යවේදින්ට ප‍්‍රසිද්ධියේ කළ නින්දිත මරණ තර්ජන, පහරදීම් උත්සාහය සහ පහත් අපහාසයන් වසාගන්නට මෙසේ බොරු ෙබිගල් කියමින් සිටී. හිරු මාධ්‍යවේදියා පවසන්නේ තමන්ට මෙම අවස්ථාවට සහභාගිවන ලෙස දන්වා තිබුණේ ඇමතිවරයාගේ මාධ්‍ය කටයුතු සම්බන්ධීකරණ ලේකම් විසින් බවයි. ඒ අනුව ඇමතිවරයා අමු බේගල් ගසමින් තමන් කළ වරද යට ගසා මාධ්‍යවේදින් මත බොරු චෝදනා එල්ල කරමින් සිටී. සාමාන්‍යයෙන් ඇමතිවරුන්ගේ දේශපාලන කටයුතුවල ප‍්‍රචාරය සඳහා ජනමාධ්‍යවේදින් ගෙන්වා ගන්නේ ඇමතිවරයා විසින් නොව මාධ්‍ය ලේකම්වරයා මැදිහත් වීමෙනි.

එහෙත් ඇමතිවරයා පවසන ආකාරයට තමන්ගේ නිවසට මාධ්‍යවේදින් පැමිණියේ ආරාධනාවකින් තොරව යැයි කියමින් ඔහු චෝදනා ගොඩනගන්නට උත්සාහ කරන්නේ අනවසරයෙන් පැමිණි පිරිසක් ඉවත් කරන්නට තමන් කටයුතු කළ බව පෙන්වන්නටය. එසේ වුවත් ජෝන් ඇමතිවරයා කියන්නේ බොරුවක් බව සනාථ වන්නේ ඔහු මුතුරාජවෙල සුරැුකීමේ සංවිධානය සමග කළ සාකච්ඡුාව තුළදීම එහි මාධ්‍යවේදින් ද පැමිණ සිටින බවට පිළිගෙන කරන ප‍්‍රකාශ තුළිනි.




Related News