ත්‍රිකුණාමලයේ පිහිටි ඉන්දියන් තෙල් සමාගමේ තෙල් ටැංකි පරිශ්‍රයට ඇතුළුවීමේදී ඛණිජ තෙල් සංස්ථාවේ සේවකයින් පිරිසකගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගත යුතු බව ඛණිජ තෙල් සංස්ථාව අවධාරනය කරයි.
සභාපති ටී.ජි ජයසිංහ පවසන්නේ තෙල් ටැංකි කිහිපයක් පරික්ෂා කිරීම සඳහා තම සේවක පිරිසක් එම පරිශ්‍රයට ඇතුළු වූ අවස්ථාවේදී අයි.ඕ.සී සමාගමේ නිලධාරින් හිරිහැරදායක ලෙස ක්‍රියාකර ඇති බවයි. කෙසේවෙතත් තම නිලධාරින්ට අනන්‍යතාව හෙළි නොකිරිම නිසා මෙවැනි තත්වයක් ඇති වූ බව අයි.ඕ.සී සමාගමේ විධායක නිලධාරියා ප්‍රකාශ කර තිබේ.