හම්බන්තොට ගනුදෙනුවේ කොන්දේසි සාකච්ඡාවට ජනාධිපතිගෙන් නියොජිතයෙක්

හම්බන්තොට වරාය චීන සමාගමට පැවරීමේ ගිවිසුමේ අවසන් කොන්දේසි සදහා එකගතාවයක් ඇතිකරගැනීමේ ගැටලු තිබියදී ඒ සම්බන්ධ සාකච්ඡාවලට පත්කළ කමිටුව සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් තමන්ගේ නියෝජිතයකු නම් කර තිබේ.

හම්බන්තොට වරාය හා ආශ්‍රිත ඉඩම් අක්කර 15000ක් පවරන්නට නියමිත China Merchants Ports Holdings නමැති මෙම සමාගම සමග අවසන් ගිවිසුම අත්සන් කරන්නට නියමිතව ඇත්තේ ජනවාරි 7වැනිදාය. එහෙත් එම ගිවිසුම සම්බන්ධව කොන්දේසි පිළිබද අවසන් එකගතා නෙටුම්පත්කිරීම තවමත් අවසන් කරගෙන නැත. එම සාකච්ඡාවලට සම්බන්ධවන අමාත්‍යංශ ලේකම් මට්ටමේ කමිටුව සදහා ජනාධිපතිවරයාගෙ නියෝජිතයකු ලෙස ප්‍රතිපත්ති සැලසුම් අධ්‍යයන ආයතනයේ පාලක මණ්ඩල සභිකයකු සහ ආර්තික කටයුතු පිලිබද ජනාධිපති උපදේශක සරත් රාජපතිරන පත්කර තිබේ. මෙසේ පත්කිරීමට පෙර සිට ඔහු චීන තානාපතිවරයා සමග චීන-ලංකා ආර්ථික සබදතා සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටි බව ජනාධිපති ලේකම් කාර්යාල මූලාශ්‍ර පවසයි.

Leave a Reply