වරාය නගරය – වළලමුද? වැළලෙමුද?
Posted on 12.27.2016 by Chandana Sirimalwatte in විශේෂාංග with 0 Comments
අතීතයේදී අමුද්‍රව්‍ය හා වෙළඳපොළ පදනම් කොට ගනිමින් දේශ ගවේශකයෝ අලූත් බිම් සොයා පැමිණියහ. එදා ස්වදේශීකයන් විදෙස් ග‍්‍රහණයෙන් මිදීමට සටන් කරන අතර තුර පරාජය වීම, මෙන්ම පාවාදීම් අතර සම්පත් සූරාකෑම සිදුවිය. ධනවාදය කෙළ පැමිණීමත් සමඟ නිෂ්පාදනය වැඩිවීමද සොයාගැනීමට අලූත් බිම් නොමැති කල්හි තිබෙන භුමියේ සූරා කෑම ද තීව‍්‍ර විය.
එමෙන්ම ධනවාදය තුළ ධනපතියන් එකතු කර ගන්නා ලද ප‍්‍රාග්ධනය තව තවත් ශ‍්‍රම සූරා කෑම හා සම්පත් මංකොල්ලය ස`දහා යොදවන ලදී. මිලක් නියම නොවූ සියල්ලට මිලක් නියම කරමින් සියල්ල විකිණීමේ නව ලිබරල් ධනවාදයේ දෙවන ඉනිම හමුවේ අද අප ජීවත් වෙමින් සිටී.
මෙකී ප‍්‍රාග්ධනය ලංකාව හරහා ගමන් කිරීමේ අදියරයන්හිදි බලයට පැමිණි පාලකයෝ විවෘත ආර්ථිකය, යළි පුබුදමු ශී‍්‍ර ලංකා, ජාතික භෞතික සැලැස්ම වැනි විවිධ සංකල්ප හා සැලසුම් යොදා ගනිමින් ජනයා රවටමින් අන්දමින් සුරපුරයක් මවමියැයි සුරංගනා කතා මවමින් සියල්ල විකිණීමේ ක‍්‍රියාවලියක නිරත වී සිටී.
විවිධ පුරාජේරු කතා මැද හොර රහසේම කරළියට පැමිණි, වරාය නගරයද සුන්දර ලෝකයක් පෙන්වමින් හොර රහසේම ක‍්‍රියාත්මක වන්නට විය. 2001, 2002 රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවේ ‘යළි පුබුදමු ශ‍්‍රී ලංකා’ වැඩපිළිවෙළ හරහා සිංගප්පූරු සමාගමක් සම`ග ඉදිකරන්නට යෝජිත වූ එය එවකට අසාර්ථක වීය. නැවත ඉදිකිරීමට පටන් ගන්නේ 2011 සැප්තැම්බර් 17 මහින්ද රාජපක්ෂ පාලන සමයේදීය. එය ඉදිකිරීම නවතා දමන බවට තම දේශපාලන වේදිකාවේ බල අරගලයේ සටන් පාඨයක් කොට ගත් රනිල් වික‍්‍රමසිංහ තවකාලික එය අතර මග නවතා දමන ලදි. නැවත පටන් ගන්නේ 2015 සැප්තැම්බර් 15 වරාය ඇමති අර්ජුන රණතුංගගේ කැබිනට් පත‍්‍රිකාවට මුවා වෙමින්ය.
මුහුද ගොඩකර කෘති‍්‍රම භූමියක් නිර්මාණය කරමින් ඉදිකිරීමට යෝජිත මෙය සුපිරි වෙළෙදසැල්, ජල කී‍්‍රඩාංගණ, සුපිරි නිවාස සංකීර්ණ, ජලජ ධාවන පථ, ගොඩබිම් ධාවන පථ, කැසිනෝ හල්, ගොල්ෆ් පිටිවලින් සමන්විතය. මුලින් අක්කර 576 ක් වූ එය පසුව අක්කර 645 ක් වී ඇත. ඒ වෙනුවෙන් කළුගල් කියුබ් කෝටි 15 කට වැඩි ප‍්‍රමාණයක් මුහුදේ ගිල්වා දැමිය යුතුයි. ඒසේම වැලි මෙටි‍්‍රක් ටොන් 1000 කට වඩා වැඩි ප‍්‍රමාණයක් අවශ්‍ය බව කියවේ. මෙකී විශාල පරිසර වෙනස අවශ්‍ය කුමකටදැයි බොහෝ පිරිස් ප‍්‍රශ්න කිරීමට වූහ.
නමුදු පවතින පාලකයන්ගේ කැමැත්ත ජනතා කැමැත්ත බවට පත්කරමින් නැවන නැවතත් ඉදිකිරීමට යෝජිත මෙකී වරාය නගර ව්‍යසනයට මුල පටන්ම පරිසරවේදීන්ගෙන් පටන්ගෙන සිවිල් බුද්ධිමතුන්, සංවිධාන, ධීවරයන් එක්ව විරෝධය පළ කරන ලදී. එය 2014 සිටම අඛණ්ඩ ක‍්‍රියාවලියක් ලෙස මීගමුව හා අවට ප‍්‍රදේශවල දිගින් දිගටම දක්නට ලැබිනි.
පරිසර වාර්තාවක් නොමැතිව ආරම්භ කළ බවට සනාථ වූ බැවින් ඊට නැවත පරිසර තත්ව වර්ථාවක් ඉදිරිපත් කරන ලදී. එයට ද ධීවරයන් සහ පරිසර සංවිධාන මගින් විරෝධය පළ කළද ඒවා පිළිබ`ද නැවත සාකච්ඡුා වූ තැනක් නම් නැත. වැලි හැරීමට යෝජිතව තිබූ ප‍්‍රදේශයන්හි ජනයාගේ විරෝධය හමුවේ මෙකී භූමිය 99 අවුරුදු බදු ක‍්‍රියාවලියට චීනයට ලබා දෙන බවත් පළමු අදියරයෙන් නොව දෙවන අදියරෙන් වැලි ගන්නා බවත් මේ ස`දහා වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් යොදන ලද කොන්දේසි 72කට අනුකූලව කරන බවත් (මෙකී 72 කවුරුත් නොදන්නා බව ධීවර කේෂ්ත‍්‍රයේ අය පවසයි) පැවසුවද වරාය නගරය ඉදි කිරීම අඛණ්ඩව සිදු විය.
මීගමුව පැරඩයිස් හෝටලයේ පැවැති සාකච්ඡාවෙදී ධිවර ඇමති මහින්ද අමරවීර පවසා සිටින්නේ ධීවරයන්ට යම් හානියක් සිදු වන බව පිළිගන්නා බවත් එකී හානිය නිසා මෙය නවතා දැමිය නොහැකි බවත් කුමන මට්ටමේ විරෝධයක් මතු වූවද එය ඉදිකිරීම අනිවාර්්‍යයෙන් කරන බවත්ය. එය ධීවරයන් සියලූ දෙනාගේ විරෝධය මත අවසන් වූ සාකච්ඡුාවක් වූවද වරාය නගරය ඉදිකිරීම දිගටම සිදු විය. එසේම ප‍්‍රාදේශීය දේශපාලඥයෝ අපිට වරාය නගර ඉදිකිරීම පිළිබද හොඳ අවබෝධයක් නැතැයි කියමින් පොඩි එවුන් සේ හැසිරුණාහ.
තම ධීවර බිම්, මත්ස්‍ය පැටවු නිෂ්පාදන බිමි, වෙරළ සේදී යාම, ජීවත් වන පරිසරය හා නිවාස අහිමිවීම කෙටියෙන්ම කියන්නේ නම් එය ජීවත්වීමේ ක‍්‍රමය හා ජීවිතය අහිමි වීමට එරෙහිව සටනට ධීවරයෝ පෙරමුණ ගත්තහ. කළුගල් කැඞීමට යෝජිත වන බිම් ඇතුලූ පොදු පරිසර හානි හා අනෙකුත් හානි සියල්ල වෙනුවෙන් මැදිහත් වූ ප‍්‍රමාණය අතලොස්සක් විය. කොටසක් අනවබෝධය මතද, තවත් කොටසක් ලබා ගත් තෑගි බෝග නිසාද මේ සියල්ල නොදන්නා සේ නොදැක්කා සේ හැසිරෙන්නට විය. විශේෂයෙන්ම ධීවරයාගේ ළඟම ඥාතියා යැයි කියන පල්ලිය මෙය මගහැර සිටියේ කලින් ලබා ගත් තෑගි බෝග නිසා බව කියැවේ.
කෙසේ වූවද විරෝධතා පොස්ටර්, පත‍්‍රිකා විරෝධතා ව්‍යාපාර පා ගමන්, මාධ්‍ය සාකච්ඡුා අතර වරාය නගර විරෝධී සටන් හමුවේ වරාය නගරයේ නම මූල්‍ය නගරය ලෙස මාරු කිරීමට පාලකයෝ උත්සුක වූහ. එමෙන්ම මීගමුව හා ඒ අවට ධීවරයන් ඔක්තෝබර් 1 වන විට තම ජීවිකාව කර ගන්නා යාත‍්‍රා තුළ වරාය නගරය එපා නම සඳහන් ක`ඵ කොඩි ඔසවමින් විරෝධය පෑමට පෙළඹුණහ.
මෙකී අවස්ථාවේ හදිසියේම නැවත සටනක් පටන් ගත්තේය. එය අපේ බිමෙන් වැලි ගන්න එපා යන සටන් පාඨය ලඝු වී තිබිණි. (වරාය නගර විරෝධය වෙනුවට* එයට ධීවර නායකයන්ද ඊට පිටුපසින් හා ඉදිරියෙන් පල්ලියද ක‍්‍රියාත්මක විය. අඛණ්ඩ උපවාසයකින් වුව වැලිගැනීම නතර කර දැමිය යුතු බවට පාරට පැමිණි ධීවරයන්ව සාකච්ඡුාවකින් නැවත නිවෙස් කරා යැවීමට උත්සාහයක් විය. නමුත් ධීවරයෝ දින 7 ක් සත්‍යග‍්‍රහයක නිරත වූහ. ධීවර ඇමති වෙනුවට එහි ආවේ මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමති චම්පික රණවකය. (එදින ධීවර ඇමති වෙනත් සාකච්ඡුාවකට මීගමුවේ රැුඳී සිටියහ.* ප‍්‍රාදේශීය දේශපාලකයන් පල්ලියේ පූජකයන් මැදිහත් වී වැලි ගැනීම් සීමාව කිලෝ මීටර් 10 සීමාවෙන් එහාට බවට ශපථ කළහ. ධීවරයෝ ජයග‍්‍රාහීව ගෙදර ගියහ. ඊට පසු නැවත නැවත ගොඩ බිමෙන් කිලෝ මීටර් 7 සීමාවෙන් මෙහා වැලි කැනීම සිදු විය. අධීක්ෂණයට හෝ මැදිහත් වීමට කෙනෙකු නොමැති සීමාවේ වැලි ඇදීම එලෙසම සිදු විය.
අද ධීවරයා මුහුණ දෙන ප‍්‍රධාන ගැටලූව තම ජීවිකාව කරගෙන යාමයි. ධනවාදය හා එහි නියෝජිතයන් වූ මෙකී දේශපාලකයන්ගේ උවමනාව කුමක්ද? ඒ ධනවාදයට යා හැකි දුර ගමන් කිරීමට ඉඩ සැලැස්වීමයි. ඒ ස`දහා එන බාධාවන් ම`ගහැර වීමයි. එසේ වරාය නගර විරෝධය වැලිගැනීමේ සටන දක්වා පසුබැස්සවූයේය. එම සටන අතරමග නවතා දමා අත්පොලසන් දී අත් පිසදා අත්පිටුපසට බැඳදැමීම අතර ලොකු කථාවක් තිබේ.
මෙකී සියලූ කතාවල ඇත්තේ ධනවාදයේ උවමනාව මිස අන්කිසිවක් නොවේ. ධීවරයා ධීවර බිමෙන් ඉවත් කොට එම භුමිය අත්පත් කරගැනීමත් සු`ඵ පන්න ධීවරයා වෙනුවට මහා පරිමාණ ධීවර සමාගම්වලට ඉඩකඩ සලස්වමින් ධීවරයා ධීවර කම්කරුවකු බවට පත් කිරීමත් සැලසුම් කර ඇත. (ගොවියා කෘෂි කම්කරුවෙකු කළ ලෙසට) එලෙසින්ම සංචාරක කර්මාන්තය ස`දහා වෙරළ භූමිය අත්පත් කර ගත යුතුය. වරාය නගරය හරහා ක`ඵ ආයෝජකයන් සුදු කරමින් මුදල් ගලා යාම් වැඩිකළ යුතුය. ආයෝජකයන්ට අඩු මිලට ශ‍්‍රමය සූරා කෑමට ඉඩ සැලසිය යුතුය.
මේ ක‍්‍රමය ධීවරයන්ට ප‍්‍රාදේශවාසීන්ට සමස්ත ජනතාවටම තවදුරටත් ඉවසීම ප‍්‍රගුණ කළ යුතු බවට නිතර කියවමින් සිටී. තමන්ගේ ප‍්‍රශ්නය වෙනුවෙන් ඒ වෙනුවෙන් පමණක් සටන් කරන තැනකට. සියල්ලන් ස්ථානගත කර ඇත. (වරාය නගරයට විරුද්ධව මීගමුව අවට ධීවරයන් සටන් කරද්දී රට වටේම අනෙකුත් ධීවරයන්ගේ හඬ නොනැගෙන්නේ ඒ නිසාය) ඉතින් ඉතිහාසය කියා දී ඇති පාඩම් අපමණය නමුත් ඉතිහාසය අමතක වීමට අමතක කරලීමට අධ්‍යාපනයෙන්ද ඉවත් කිරීමට පාලකයෝ වගබලා ගනිමින් සිටිති.
නමුත් අප හැමෝටම ඉගෙන ගැනීමට පාඩම් වරාය නගර සටන හරහාද කැදවා ඇත. සටන් පාඨ පටු විය යුතු නැති බවටත් සටන සීමිත පිරිසකගේ පමණක් බවට පත්කර නොගැනීමටත් සියල්ල වෙනුවෙන් සටන් කළ යුතු බවටත් සියලූ දෙනා එක්ව සටන් කළ යුතු බවටත් අනෙකා වෙනුවෙන් සටන් කළ යුතු බවටත් අපි නැවත නැවතත් ඉගෙනගනිමින් සිටිමු. අද අප ඉගෙන නොගන්නා පාඩම් හෙට දින අප හැමෝගේම ජීවිතවලට ඉගැන්වීමට තරම් ධනවාදය තීව‍්‍ර වෙමින් පවතියි. ඉතින් අපි තවත් ඉවසමුද?
Related News