ඔබාමා ට්‍රම්ප් හමුවේ.

meetingweb

එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබාමා හා අලුතින් තේරීපත්ව ඇති ඩොනල්ඩ් ට්‍රරම් ධවල මන්දිරයේදී ඊයේ හමුව ඇති බව විදස් මාධ්‍ය වාර්තා කරයි.

එම හමුව පැය එකහමාරකට වැඩි කාලයක් පැවැති බව වාර්තාවේ. ලබන වසරේ ජනවාරි මස 20 වන දින නව ජනාධිපතිවරයා ධවල මන්දිරයේ නව රාජකාරි ආරම්භ කිරීමට නියමිතව ඇති අතර දෙදෙනා අතර පැවැති සාකච්ඡාවේදි ඉදිරියේ බලය මාරුකිරීම ගැනද අදහස් හුවමාරුකරගෙන ඇතැයි වාර්තාවේ.

කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රරම් ගේ ජයග්‍රහණයත් සමග එක්සත් ජනපදය පුරා ට්‍රරම් විරෝධී විරෝධතා හා උද්ඝෝෂණ පැතිරෙමින් තිබුනි.

ඩිමොක්‍රටික් ඔඹාමා හා රිපබ්ලිකන් ට්‍රරම් අතර සිදුව ඇති මෙම සාකච්ඡාව රටතුල මේ වනවිට මතුව ඇති විරෝධතා සමනය කිරීමට උපකාරීවනු ඇතැයි දේශපාලන විචාරකයෝ අදහස් දක්වා ඇත.

දෙදෙනා අතර රට තුල වර්ධනයවී ඇති නව තත්වයන් හා ජාත්‍යන්තර දේශපාලනයේ එක්සත් ජනපදයේ මැදිහත්වීම හා ඔබාමා පරිපාලනය විසින් දැනට කරගෙනයන යන විදෙස් ප්‍රතිපත්ති පිළිබදව සමාලෝචනයක්ද එහිදී සිදුව ඇති බව වාර්තාවේ.

ඔබාමා හා ට්‍රරම් හමුව මෙසේ පැවැතියත් දෙවැනි දින රාත්‍රීයද ඇමෙරිකාව විවිධ ස්ථානවල උද්ඝෝෂණ හා විරෝධතා පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply