නෑ නෑ, ඒක මල් වැස්සක් – ජනාධිපති මෛත්‍රී, වික්ටර් අයිවන්ට පිලිතුරු දෙයි
Posted on 11.15.2016 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
රාවය පුවත්පතේ 30 වැනි සංවත්සරය නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයේදී ආණ්ඩුවේ අපේක්ෂා ඉටු නොවූ බවට වික්ටර් අයිවන් කළ කතාවට පිලිතුරු දෙමින් එම අවස්ථාවේදීම ජනාධිපතිවරයා අදහස් දක්වා තිබිනි.
2015 ජනවාරි 8 ජනාධිපතිවරණයෙන් පසු ජනතාව අපේක්ෂා කළ මහ වැස්ස වෙනුවට ලැබුණේ පොද වැස්සක් බව පැවැසූ රාවය හිටපු කර්තෘ වික්ටර් අයිවන්ට පිළිතුරු දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර සිටියේ ජනතාවට ලැබුණේ මල් වැස්සක් බවයි.
ආණ්ඩුව විසින් ගෙනයන වැඩපිළිවෙළට බාධා කරමින් දේශපාලන කුමන්ත්‍රණයක් පවතින බව ද සිංහල, දමිළ හා මුස්ලිම් ජනතාව අතරේ තිබෙන සංහිඳියාව විනාශ කිරීමේ ක්‍රමන්ත්‍රණවල ආණ්ඩු විරෝධී පිරිස් නිරතව සිටින බව ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
පැවැති පාලනය පෙරළා දැමීමට නොබියව මුහුණ දුන්නේ තමන් බවත් ඉදිරියටත් රට ගොඩනැගීම සඳහා සහ ජනතාවට යහපත් සමාජ පරිසරයක් උරුම කර දීමට නොබියව පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා එහිදී පැවැසීය.
Related News