පණ්ඩිත් අමරදේව අද දින කොළඹ නිදහස් චතුරශ්‍රයේ රැස්ව සිටි විශාල ජනකායක් අතරින් අවසන් ගමන් ගියේය. සාමාන්‍ය පන්තික මිනිසකු ලෙස ඉපිද ඉන්දිය රාගධාරී සංගීත අධ්‍යාපනය ලබාගෙන මෙරට වෙනස් සංගීත සම්ප්‍රදායක් බිහිකිරීමේ ව්‍යායාමයට දායක වූ ඔහු බොහෝ විට ස්වීයත්වයක් සහිත සංගීත රටාවක් රැකගැනීමට උත්සාහ කළ එහෙත් පෙර අපරදිග සංගීතය එක සේ පිළිගත් සංගීතඥයකු විය.
ග්‍රැමෆෝන් ගීතැටියේ සිට නූතන ඩීවීඩී තැටිය දක්වා සංගීත හා ගීතාවලි කලාවේ සටහන් තැබූ ඔහු වේදිකාව, සිනමාව, රූපවාහිනිය යන විවිධ මාධ්‍ය තුළ සිය සිය දායකත්වය අනූන ලෙස සටහන් කළේය.
අද ජාතිකවාදීන්ගේ පම්පෝරි තුළ කොතරම් යොදාගැනුනද අමරදේව ජාතිකවාදියකු හෝ ජාත්‍යන්තරවාදියකු නොවීය. එහෙත් ස්වකීය කලාවේ භාවිතය තුළ සම්ප්‍රදායේ හෝ ගතානුගතිකත්වයේ වලක නොවැටී නූතන මිනිස් සංස්කෘතියක් ඔහු විසින් නියෝජනය කළ බව නිසැකව සටහන් කළ හැකිය. සිය අනන්‍යතාව සටහන් කළද වෙනත් අනන්‍යතා ගර්හාවට ලක් නොකළ හෙතෙම වානිජවාදයේ රැල්ලට අවැසි ලෙස හසුකරගත නොහැකි කලාකරුවකු ද විය. පටු බෙදුම් රේඛා වෙනුවට නවීකාරක තාරුණ්‍යයක් වෙනුවෙන් ඔහුගේ මගපෙන්වීම සටහන් විය. නන්දා මාලිනි පවසන ආකාරයට අන්ත දරිද්‍රතාවයේ ගිලී සිටි ඈ වැනි ගායිකාවකට ගුරුවරයා වූ අමරදේව, රූකාන්ත වැනි නව පරම්පරාවක සංගීත සම්ප්‍රදායක් සමග නොපැකිල උනුසුම් සබදතා පැවැත්වීය. මළගිය කලාකරුවවකුට හිමි වූ පොදුවේ අප හැමටද ඇති විවිධ දුබලතා රැසක් තිබියදී වුවද අමරදේව ඒ උණුසුම් මනුෂ්‍යත්වය සිය සිරුරේ උණුසුම මැකී යනතුරුම රදවාගත් බව උමාරා සිංහවංශ නම් නූතන පරපුරේ ගායන ශිල්පිනිය ද සාක්ෂි දරයි.