ශී‍්‍ර ලංකාට කඩුළු 08ක ජයක්
Posted on 11.15.2016 by Madanayaka in ක්රීඩා පුවත් with 0 Comments
ශී‍්‍ර ලංකා -සිම්බාබ්වේ එක්දින තරගය
ඊයේ සිම්බාබ්වේ හරාරේ නුවර පැවැති ශී‍්‍ර ලංකාව, බටහිර ඉන්දීය කොදෙවු හා සිම්බාබ්වේ අතර තුන්කොන් එක්දින තරගලාවලියේ පළමු එක්දින තරගයෙන් කඩුළු 08ක ජයග‍්‍රහණයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකාක කණ්ඩායම සමත්විය.
මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල පාන්දුවර 43.පන්දු තුණකින් සියලු දෙනාම දැවී ලකුණූ 154ක් ලබා ගැනීමට සමත්විය. සිමිබාබ්වේ පිල වෙනුවෙන් කිසිදු කී‍්‍රකයකුට අර්ධශතකයක් ලබා ගැනීඹට නොහැකි විය.
ලකුණූ 47ක් ලබාගැනීමට මූර් සමත්වූ අතර කැමේ ලකුණු 31ක් ලබා ගැනීමින් සිය ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ප‍්‍රමාණය එක් කළේය.
ශී‍්‍රලංකා පිල සිය පිළිතුරු ඉනිම වෙනුවෙන් කුඩුළු දෙකක් පමණක් දැවී පන්දුවාර 24. පන්දු තුණින් ලකුණූ 155ක් රුස්කිරීමට සමත්විය.
ධංජය ද සිල්වා නොදැවී ලකුණු 78ක් ලබා ගත් අතර කුසල් මෙන්ඩිස් ලකුණු 12ක් ලබාගැනීමට සමත්විය. පළමු කඩුල්ල ලෙස නිරෝෂන් දික්වැල්ල ලකුණු 41ක් හා කොෂල්්‍ය සිල්වා ලකුණු 21 ලබා ගැනීමට සමත්විය.
Related News