2500 දඩ ප්‍රශ්නය මාධ්‍ය මඟින් ඇති කළ එකක් – රවි කරුණානායක
Posted on 11.16.2016 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මාර්ග නීති උල්ලංඝනය කිරීමේදී අය කරන අවම දඩ මුදල රුපියල් 2500/- දක්වා ඉහළ නැංවීම පිළිබඳව අර්බුදයක් මාධ්‍ය විසින් ඇතිකර තිබෙන බව මුදල් ඇමති රවි කරුණානායක විසින් පවසා තිබේ.
පසුගිය 14වැනිදා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සමග පැවැත්වූ සාකච්චාවේදී ඇමැතිවරයා මේ බව සදහන් කර ඇත. එදිනම රාත්‍රිෙය් කැබිනට් ඇමතිවරුන්ගේ සාකච්ඡාවේදී ඒ ගැන අවධානය යොමුකර විසදුමක් ලබාදෙන බව ප්‍රකාශ කළද පසුදින මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කලේ 21 වැනිදා පැවැත්වෙන කැබිනට් සාකච්ඡාවේදී තීරනයක් ගන්නා බවයි. ලබන සඳුදා (21දා) පැවැත්වීමට නියමිත එම සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශ නිලධාරින්, බස් සංගම්, පොලිස්පතිවරයා හා රථවාහන අංශය භාර නියෝජ්‍ය පොල්ස්පතිවරයාද සහභාගීවීමට නියමිතය.
කෙසේ වෙතත් බීමත්ව රිය පැදවීම, රියැදුරු බලපත්‍රය නොමැතිව ධාවනය, අධික වේගය වැනි හිතා මතා සිදුකරන ප්‍රධාන වරදවල් වෙනුවෙන් දඩ මුදල් වැඩිකිරීම පිළිබඳව තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවත් එහෙත් ඉරි කැපීම, නැවැත්වීම, ඉස්සර කිරීම, මාර්ග සංඥා පිළිබඳව ක්‍රියා කිරීම වැනි අහඹු ලෙස සිදුවන වැරදි සම්බන්ධයෙන් වූ දඩ මුදල දැනට පවතින දඩ මුදලම විය යුතු බවටත් බස් සංගම් විසින් ඇමැතිවරයාට දන්වා තිබේ.
Related News