එංගලන්ත- ඉන්දීය ටෙස්ට් තරගයේ අවසන් දිනය

indiaweb

පසුගිය නොවැම්බර් 09 වැනි දින ආරම්භ කළ එංගලන්ත හා ඉන්දියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසාන දිනය අදයි. මෙම තරගය ඉන්දියාවේ රාජ්කෝට්හිදී පැවැත්වේ.

එංගලන්තය සිය පළමු ඉනිම ලකුණු 537 ලබා ප්‍රබල අභියෝගයක් ඉන්දීය කණ්ඩායමට ලබා දුනි.එම ඉනිම සදහා රූට්ස් ලකුණු 124ක්, එම්.එම් අලී117ක්ද, ඊ.ඒ ස්ටෝක්ස් 128ක්ද ලබා ගැනීමට සමත්විය.

ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සදහා ලකුණු 488ක් ලබා ගත් අතර එම ලකුණු ලබාගැනීමේදී විජේ ලකුණු 126ක්ද, පුජාරා ලකුණු124ක්ද ලබා ගනිමින් සිය ශතක ලබා ගැනීමට සමත්වූ අතර ඊට අමතරව අස්වින් ලකුණු70ද ලබා ගැනීමට සමත්විය.

ඉන්දීය ඉනිම අවසන්වීමෙන් පසුව සිය දෙවන ඉනිම ආරම්භ කළ එංගලන්ත කණ්ඩායම ඊයේ දිනය නිමාවන විට කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 114 ලබා සිටී. එංගලන්ත කණ්ඩායම මේ වන විට පළමු ඉනිමේ වාසිය සමග ඉන්දීය කණ්ඩායමට වඩා ලකුණු 163ක් ඉදිරියෙන් සිටී.

Leave a Reply