මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් පසුගිය දා මැතිවරණ කොමසාරිස්වරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී කොමසාරිස්වරයා යෝජනා කිහිපයක් ඉදිරිපත් කළ බවත්, ඉන් එක් යෝජනාවකට ශ්රීලනිපය එකඟ වූ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
ඒ අනුව කේවල ක්‍රමය යටතේ ආසන 165ක්, සමානුපාතික ක්‍රමය යටතේ ආසන 60 ක් සහ ජාතික ලැයිස්තුවෙන් ආසන 25 කින් සමන්විත නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන බවත් ඉදිරි මැතිවරණය නව ක්‍රමය යටතේ පවත්වන බවත් රාජිත සේනාරත්න වැඩිදුරටත් පැවසීය.