අලි චෝදනා ලද මහේස්ත්‍රාත් නීතියට කොකා පෙන්වයි!

2016.05.28 elephant racket

මව් ඇතින්න මරා දමා අල්ලා ගන්නා ලද අලි පැටවකු ළග තබාගැනීමේ චෝදනාවට ලක්ව සිටි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අධිකරණය මගහරිමින් සිටී.

නීති විරෝධී ගෙස අලි පැටවකු සැකකාර මහේස්ත්‍රාත්වරයා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බව නීතිපතිවරයා අධිකරණයට දන්වා තිබිණි. හුට එරෙහි චෝදනා පිළිබද ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ සැකකාර මහේස්ත්‍රාත්වරයා තුන්වන වරටත් ඒ සඳහා සහභාගී  වී නොමැත. මැයි 25 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගයද නොතකමින් තිළිණ ගමගේ මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟහැර ගොස් ඇත. පසුගිය 13 වැනි දින හා 18 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට සැකකරු කැඳවූ නමුත් ප්‍රකාශ ලබා දීමට ඉදිරිපත් ව නොතිබුණි.

මේ අතර බලපත‍්‍ර නොමැතිව විවිධ පුද්ගලයන් සන්තකව සිටියදී අත්අඩංගුවට ගැණුනු අලි ඇතුන් 15 දෙනෙකු එක් අලියෙකු හෝ ඇතෙකු සඳහා රුපියල් ලක්ෂ 300ක බැඳුම්කරයක් මත මුදාහැරීමට සැකකාර තිලිණ ගමගේ මහේස්ත්‍රාත්වරයා මැයි 20 වැනිදා ලබාදුන් නියෝගය අභියෝගයකට ලක් කරමින් එම නියෝගය ක්‍රියාත්මක වීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා විසින් පසුගිය 26 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ ප‍්‍රතිශෝධන පෙත්සමක් ගොනු කරණ ලදී. රජයේ නීතිපතිවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව කොළඹ මහාධිකරණයේ ප‍්‍රධාන විනිසුරු මනිලාල් වෛද්‍යතිලක ඉදිරියේ කැඳවූ අතර එම නියෝගය ලබන 9 වැනිදා තෙක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා  තහනම් නියෝගයක් නිකුත් කළේය.

2016.05.28 elephant racket1 2016.05.28 elephant racket2 2016.05.28-elephant-racket3