කුමාර්ගේ පුරවැසි අයිතිය පිළිගැනීම සාමුහික සටනකින් ලද ජයක්! – පුබුදු ජයගොඩ

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් විසින් ලංකාවේ සම්ප‍්‍රදායික පුරවැසියකු ලෙස පිළිගන්නා ලෙස ඉදිරිපත් කළ ඉල්ලුම්පත ආණ්ඩුව පිළිගෙන ඇත.

ස්වදේශ කටයුතු අමාත්‍ය එස්. බී. නාවින්න විසින් ඊයේ එම ලිපියට අත්සන් තබා කුමාර් ගුණරත්නම් වෙත ලබා දී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යපන ලේකම්, පුබුදු ජයගොඩ පවසයි. කුමාර් විසින් ද්විත්ව පුරවැසිභාවය ඉල්ලා නොසිටින නිසා නොයෙල් මුදලිගේ නමින් ඔහුගේ ඔස්ටේ‍්‍රලියානු පුරවැසිභාවය අවලංගු කිරීමට කුමාර් ගුණරත්නම්ට නැවත එරටට යාමට සිදුවන බවද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යපන ලේකම්වරයා ජනමාධ්‍ය වෙත පැවසීය. මෙම කරුණු ප‍්‍රකාශයට පත් කිරීමට අද පැවැති ජනමාධ්‍ය හමුවේදී ඔහු වැඩි දුරටත් මේසේ පැවසීය.

“පුරවැසිභාවය පිළිගන්නා බවට දැනට ලැබී ඇති ලිපිය, ඔස්ටේ‍්‍රලියානු රජයට භාර දීමෙන් අනතුරුව  ඕස්ටේ‍්‍රලියාවේ පුරවැසිභාවය අහෝසි කළ හැකිවෙනවා. ඉන්පසු ඔහුට මෙරට පුරවැසිභාවය ලැබෙන්නට නියමිතයි. ඒ වගේම මේ කුමාර් සහෝදරයට ලැබුණු පෞද්ගලික ජයග‍්‍රණයක් නෙවෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලබාදෙනවා කියාලා බලයට පත්වුණ ආණ්ඩුව ඒ පොරොන්දුව ඇතුළු පොරොන්දු ඉටු කිරීමට නොහැකි වුණා. ඒ නිසා අපිට සිදු වුණා දීර්ඝ කාලයක් තිස්සෙ සටන් කරන්න. වෙනත් වාමාංශික සංවිධාන, පක්ෂවල සටන් කරන්න සිදුවුණා. එහි ප‍්‍රතිඵලයක් ලෙස පුරවැසි භාවය ආණ්ඩුව විසින් පිළිගත්තා. ඒ වෙනුවෙන් අපේ ස්තුතිය, ඒ වෙනුවෙන් සටන් කළ හැමදෙනා වෙනුවෙන් පිරිනමනවා.”

Leave a Reply