හිලරි ක්ලින්ටන් පසුගියදා පැවැති ජනාධිපතිවරණයේදී තමන් ලද පරාජය ගැන එරට එෆ්.බී.අයි. ප්‍රධානියාට දොස් පවරා ඇතැයි වාර්තාවේ.
ඇය මෙම දොස් පැවරීම සිදු කර තිබෙන්නේ ඊයේ පැවැති ඩිමොක්රටික් පක්ෂයේ අරමුදල් ලබාදුන් අය හා ඇයගේ ජනාධිපතිවරණයට අරමුදල් රැස්කිරීමට සම්බන්ධවූවන්ගේ හමුවකදීය.
ඇය එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ එෆ්. බී. අයි. ප්‍රධානී ජේම්ස් කොමි විසින් සිය ජනාධිපතිවරණයට දින කිහිපයක් තබා කරන ලද පැරණි ඊමේල් පණිවුඩ සම්බන්ධ සිදුවීම හිතාමතා කළ එකක් බවයි.
තම ඊමේල් සම්බන්ධයෙන් වන සිදුවීම ගැන නැවත වතාවක් පරීක්ෂණ සදහා යොමුකරන බවට ජෙම්ස් කොමි විසින් යවන ලද ලිපිය පිළිබදව ඇය එහිදී දොස් බවරා ඇත. ඇය පවසන්නේ මෙම පරණ තුවාලය නැවත අනවශ්‍ය වෙලාවක මතු කිරීම ජේම්ස් කොමිගේ නොපනා වැඩක් ලෙස හදන්වා දී ඇත.
කෙසේ වෙතත් ජනාධිපතිවරණයට පෙර එනම් ඔක්තොබර් මස 28 වැනි දින එෆ්. බී.අයි. ප්‍රධානී යනවලද ලිපිය හේතුවෙන් සිය මැතිවරණ ව්‍යාපාරය කෙරෙහි අනවශ්‍ය සැකයක් යොමුකිරීමට එම ලිපිය හේතුවූ බවත් එය තම පරාජයට මූලික හේතුවක් බවයි.
මෙම ඊමේල් පණිවුඩ ප්රශ්නය පිළිබදිව මීට පෙර හිලරි ක්ලින්ටන්ට චෝදනා එල්වී තිබුනි. එමගින් සිදුව තිබුනේ ඇය එරට රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කරන විට තම පුද්ගලික ඊමේල් පණ්වුඩවල එක්සත් ජනපද රාජ්‍යයේ අතිශ්‍ය සංවේදී හා රහස් තොරතුරු ඇතුලත් ඊමේල් පණිවුඩ ඇති බවට වන චෝදනාවක්ය.
එම ප්‍රශ්න මතුවූ අවස්ථාවේදී ඒ පිළිබදව පැහැදිලි කිරීමක් තමා විසින් ලබාදුන් අතර එය එතනින් අවසන්වූ බවයි. ජේම්ස් කෝමි මෙම ප්‍රශ්යන නැවත ජනාධිපතිවරණයට ආසන්නයේ මතුකරන්නේ වෙන යටි අරමුණකින් බව තමා විශ්වාස කරන බවයි.
මේ හේතුවෙන් ජනාධිපතිවරණයේදී තම ප්රතිවාදියාවූ ඩොනල්ඩ් ට්‍රරම්ට නොසිතූ වාසියක් ගෙනදුන් බව ඇයගේ අදහසයි.