හිටපු යුද නිලධාරියා ප්‍රහාරය පිළිගෙන සිසුවා සමග සමාදාන වෙයි!

කොළඹ පාසලක සාමන්‍ය පෙළ ශිෂ්‍යයකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ මේජර් ජනරාල්වරයා  එම සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීම වලක්වාලීම පිනිස සිසුවා සමඟ සාමදාන වී තිබේ.

පසුගිය දෙසැම්බර් 14 වැනිදා සිදුවූ පහරදීම පිළිබදව එම සිසුවා කුරුදුවත්ත පොලිසියට කළ පැමිනිල්ලද ඉල්ලා අස්කර ගෙන ඇත. එසේවුවද පහරදුන් බව චෝදනා කළද එදින තමා විදේශගතව සිටි බව මේජර් ජනරාල්වරයා ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි. එහෙත් නීතිමය කටයුතු ඉදිරියට ගෙනයාමට සිසුවාගේ පාර්ශ්වයෙන් පියවර ගැනීමත් සමග කුරුදුවත්ත පොලිසියේදී ශීෂ්‍යයා සහ මව ඉදිරියේ කනගාටුව පළ කර මින් ඉදිරියට නීතිමය ක්‍රියාමාර්ගයකට නොයන බවට ගිවිසගෙන තිබේ. එහිදී පසුගිය 14 වැනිදා තම සමීප ඥාති කාන්තාවකගේ ඉල්ලීම මත එදින එම පාසලට ගිය බව ඔහු පිළිගෙන ඇත.

Leave a Reply