ගෝතමාලාවෙ හිටපු ජනධිපති විරැද්ධව දැනට පැවැත්වෙන අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙමින් තිබිය දී ගෝතමාලාවේ හිටපු ජනාධිපති ඔටෝපෙරස් මොලිනා සිරගතකරන්නැයි එරට අධිකරණයක් නියෝග කැර ඇත.
පසුගිය අඟහරුවාදා එරට කොන්ග්රස් මණ්ඩලය මොහුගේ බලය අත්පත්කරගෙන ඇත්තේ මොහුට විරුද්ධව බරපතල අපරාධ චෝදනා ගණනාවක් එල්ල වීම හේතුවෙනි.
මේ පිළිබදව හිටපු ජනාධිපතිවරයා තමාට එරෙහිව එල්ලවී තිබෙන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.ගෝතමාලාවේ කොංගුස් මණ්ඩලය විසින් එරට ජනාධිපතිවරයාගේ බලය අහිමිකර එරට උප ජනාධිපති රාජ්‍ය නායකයා ලෙසපත්කිරීමෙන් පසුව දිව්රුම් දී ඇත. ලබන එන ඉරිදා එරට මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදීය මෙසේ තම රටේ ජනාධිපතිවරයාව සිය ධුරයෙන් ඉවත් කළේ.
ඉරිදා පැවැත්වෙන් මැතිවරණයෙන් ජයගන්නා පුද්ගලයා ගෝතමාලාවේ නව ජනාධිපතිවරයා ලෙස ලබන වසරේ ජනවාරි 14 වැනි දින දිව්රුම් දෙනතෙක් උප ජනාධිපති ඇලෙජැන්ඩ්රෝ මැල්ඩොනඩෝ එරට පාලනය කිරීමට බලාපොරොත්තු වෙයි.
මැල්ඩොනඩෝද උප ජනාධිපතිවරයා ලෙස ගිය පසුගිය මැයි මස මැද භාගයේදී පත්වූයේ හිටපු උප ජනාධිපති රොක්සනා බැල්ඩෙඩිටද දූෂණ චෝදනා එල්ල වීමෙන් පසු ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්වීම හේතුවෙනි.
ගෝතමාලාව ඇතුළු ලතින් අමෙරිකානු කලාපයේ බෝහෝ පාලකයන් අන්ත දුෂිතයන් ලෙස සිය පාලන කාලයන් තුල කටයුතු කර තිබෙන බව මෑත ඉතිහාසය තුල තහවුරු විය. ඉන් බොහොමයක්ම එක්සත් ජනපදයට අවශ්‍ය රෑකඩයන් ලෙස හැසිරෙනු දකින්නට තිබුනි.
නමුත් පසුගිය දශකයක පමණ කාලයක සිට වාමංශික දේශපාලන පක්ෂ වලින් සැදි වාමාංශික පෙරමුණ බලයට පත්වන ප්රවනතාවයක් දක්නට තිබේ. අල්ලස් හා වංචා දූෂණ සම්බන්ධයෙන් ඔවුන්ටද විවිධ චෝදනා නැගී ඇත.

