සිංගප්පූරුව සමග ගිවිසුම් පහක් – මෙගාපොලිස් ව්‍යාපෘතියත් ඒ අතර!

2016.07.19 singapore_mou

අගමැති රනිල් වික්‍රමසිංහ සහ සිංගප්පූරු අගමැති ලී ෂීයැන් ලූං ඉදිරියේ දෙරට අතර අවබෝධතා ගිවිසුම් 5 කට ‘ඉස්තානා‘ මන්දිරයේදී අත්සන් තැබීම සිදු වූ බව රජය නිවේදනය කරයි.

ලංකාව හා සිංගප්පූරුව අතර භාණ්ඩ හා සේවා සඳහා මෙන්ම ආයෝජන අවස්ථා වෙනුවෙන් ද නිදහස් වෙළෙඳ ගිවිසුමක් සදහා එකඟතා ප්‍රකාශනය අත්සන් කරනු ලැබූයේ ශ්‍රී ලංකාවේ සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සහ සිංගප්පූරුවේ වෙළඳ සහ කර්මාන්ත අමාත්‍ය එස්. ඊස්වරන් අතරය.

එසේම, බස්නාහිර පළාත් මෙගා පොලිස් සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වූ අවබෝධතා ගිවිසුමක්, සංස්කෘතික ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ අවබෝධාත්මක ගිවිසුමක්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ගේ ශක්‍යතා වර්ධනය පිළිබඳ සහයෝගීතාව ලබාදීමේ අවබෝධතා ගිවිසුමක් සහ කාර්මික සහ වෘත්තීය අධ්‍යාපන හා පුහුණුව සඳහා වූ අවබෝධාත්මක ගිවිසුමක් අත්සන් තැබිණි.

Leave a Reply