‘සයිටම්‘ නඩුව 10 වැනිදා යලි විභාගයට

SAITM

මාළඹේ ‘සයිටම්‘ ආයතනය තුළ වෛද්‍ය විද්‍යාව අධ්‍යයනය කළ තමන් වෛද්‍යවරුන් වශයෙන් ලියාපදිංචි නොකිරීමට ශ්‍රී  ලංකා වෛද්‍ය සභාව ගෙන ඇති තීන්දුව නීති විරෝධී බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා එම ආයතනයේ ලියාපදිංචි වූ ශිෂ්‍යාවන් දෙදෙනකු අභියචනාධිකරණය හමුවේ ඉදිරිපත් කළ පෙත්සම අද විභාගයට ගැණුනි.

එම  මාළඹේ පෞද්ගලික ආයතනයේ  අධයාපනය ලැබුවන් වෛද්‍යවරුන් වශයෙන් ලියාපදිංචි නොකිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගෙන ඇති තීරණය නීතියට පටහැණි බව එම නීතීඥවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.වෛද්‍ය උපාධිය මුදලට පිරිනමන ආයතනයක් ලෙස එම ආයතනයේ නිසි පියවර අනුගමනය කර නොමැති බැවින් නීති විරෝධී ලෙස කටුත= කර ඇති බව වෛද්‍ය සබාවේ මතය වී ඇත. කෙසේවෙතත් ‘සයිටම්‘ ආයතනය වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරු එහිදී අධිකරණයට දැනුම්දී ඇත්තේ යම් ආයනයක් සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන පනත යටතේ අවසරයක් ලබාදුන් විට ඊට මැදිහත්වීමට වෙනත් පාර්ශවවලට බලයක් නොමැති බවයි.
පෙත්සම්කාර පාර්ශවයේ කරුණු දැක්වීම අදින් අවසන් කර ඇති අතර පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර විභාගය නොවැම්බර් 10 වැනිදා පැවැත්වීමට නියමිත බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

Leave a Reply