සයිටම් තීන්දුවට එරෙහිව ශිෂ්‍ය විරෝධය ඇවිලේ!

වෛද්‍ය උපාධිය විකුණන මාලබේ සයිටම් නීතිගත කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට සහ ඊට සහායවන අධිකරණ තීන්දුවට විරෝධය පළ කරමින් විරෝධතා පාගමනක යෙදුණු සරසවි සිසුන් 12දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දහස් ගණනක් එක්ව සිටි විරෝධතාවය අතරතුර පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ, අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනාව මතය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව විසින් සංවිධානය කර තිබූ මෙම විරෝධතා පාගමන විසුරුවා හැරීමට කොළඹ කොටුව ලෝටස් වටරවුම ආසන්නයේදී පොලිසිය විසින් අද පස්වරුවේ කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් ද එල්ල කළේය. පොලිස් මාර්ග බාධක පෙළ බිඳ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට යෑම සඳහා ලෝටස් පාරට අවතීර්ණ වූ මෙම ශිෂ්‍ය පාගමනේ විරෝධතාකරුවන්ට පොලිසිය මෙම කඳුළු ගෑස් හා ජල ප්‍රහාරය එල්ල කරනු ලැබීය.

Save

Leave a Reply