ශ්‍රීල.නි.ප. ඇමැතිවරු ඉල්ලා අස්වීමේ දේශපාලන සෙල්ලමක්!

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න විසින් සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද(30) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදී තිබේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් අදාළ ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර ඇති බවද දේශපාලන ආරංචිමාර්ග  සඳහන් කරයි. මේ පිළිබඳව විමසීමට ජනමාධ්‍යවේදින් විසින්   ප්‍රියංකර ජයරත්න සම්බන්ධ කර ගැනිමට උත්සහ කළ නමුත් ඔහුගේ දුරකතනය දිගින්දිගටම ක්‍රියාත්මක නොවීය. මෙම පියවර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ සිදුකළ ආණ්ඩුව පෙරලීමේ පුවතට සම්බන්ධ බවට දේශපාලන ආරංචි පැතිර යමින් තිබේ. මෙසේ දිසාගතව ඇත්තේ හවුල් ආණ්ඩුවේ එ.ජා.ප.ය පිටමං කරමින් ශ්‍රීල.නි.ප. ඇමැතිවරුන් බිලි බාගෙන ශ්‍රීල.නි.ප. නායකත්වයෙන් හා මහින්ද රාජපක්ෂගේ කොන්දේසි මත ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයාට බලකිරීමේ උත්සාහයක් බවට අනුමාන කෙරේ. ඒ අනුව ඉදිරි දිනවලදී තවත් ශ්‍රීලනිප අමාත්‍යවරු කිහිප දෙනෙකු තනතුරුවලින් ඉවත්වීමද එම සැලසුම අනුව සිදුවන බව විශ්වාසය පළ කෙරේ.

Leave a Reply